එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) පැවැත්වීමට නියමිතය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සදහන් කර තිබුණේ කොන්දේසි කිහිපයකට යටත්ව ප්‍රේමදාස මහතාට පක්ෂ අපේක්ෂකත්වය ලබා දීමට වික්‍රමසිංහ මහතා තීන්දු කොට ඇති බවකි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම, අගමැති ධූරය ආදී කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත්ය.
ප්‍රේමදාස මහතා එම කොන්දේසිවලට එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.