ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් අධිකාරියට සම්බන්ධ නීතිමය කටයුත්තක් සදහා පෞද්ගලික නීතීඥයකුගේ සහාය ලබාගැනීමේ නීතිමය තත්ත්වය පිළිබදව විමසමින් ශ්‍රී ලංකා දේශීය සංචාරක මෙහෙයුම් ආයතනයේ (SLAITO) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විශ්‍රාමික වින්ග් කමාන්ඩර් කුමුදා එරමුදුගොල්ල මහතා නීතිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
ඉකුත් 10 වැනි දින නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙත යවා ඇති මෙම ලිපිය මගින් සිය ආයතනය පිළිබද හැදින්වීමක් කර ඇති එරමුදුගොල්ල මහතා මතුව ඇති තත්ත්වය පිළිබද නීතිපතිවරයා වෙත දැනුම් දෙමින් මේ පිළිබද පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම් දී තිබේ.
මේ වනවිට යාල පලටුපාන ව්‍යාපෘතියට ලබා දී තිබූ ඉඩමක් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මගින් නීත්‍යනුකූල නොවන ලෙස යළිි පවරා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාගයක් සිදුකෙරෙන අතර අධිකරණය මගින් එය වළක්වමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.
කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥයන්ගේ සහාය නොගෙන පෞද්ගලික නීතිඥයකුගේ සහාය ලබාගෙන තිබුණේ මෙම නඩුකටයුත්තේදීය.









