ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී අලුතින්ම නියෝජ්‍ය අගමැති තනතුරක් නිර්මාණය කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දෙන බවට මේ වනවිට ඇතැම් මාධ්‍ය පළ කර ඇති පුවත් සම්පූර්ණ අසත්‍ය බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ එම කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ව්‍යවස්ථාවට පිටින් නව තනතුරු පිහිටුවීමේ කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති බවත්ය.
මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් ලබා නොදුන්නේ මේ වනවිට සිදුකෙරෙන පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනවලදී මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රහාරය පිළිබදව දැනුවත්ව සිට ඇති බවට තහවුරු වීම නිසා බවද දැනගන්නට තිබේ.
බුද්ධි අංශ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් කොමිසමට සදහන් කොට ඇත්තේ ප්‍රහාරය සිදුවූයේ අප්‍රේල් මස වුවත් ඒ සම්බන්ධයෙන් ජනවාරි මස සිරිසේන ජනාධිපතිවරයාද සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ලිඛිතවම ඒ පිළීබද දැනුම් දී ඇති බවකි.
එමනිසා අදාළ වාර්තාව පැමිණෙන තෙක් සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය තනතුරක වගකීමක් නොදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් ඇමැතිකමක් නෙලැබීමේ ලැජ්ජාව වසා ගැනීම සදහා මෙසේ අලුත් අගමැති තනතුරක් නිර්මාණය කොට එය සිරිසේන මහතාට ලබා දීමේ ආණ්ඩුවේ සූදානමක් ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් සිරිසේන මහතාගේ පාර්ශවය විසින් බෙදාහරිමින් සිටින බව දැනගන්නට ඇත.










