හිස්ව පවතින ඉතිරි පළාත් 3 සදහා ඉදිරි දින කිහිපය ඇතුළත නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව උතුරු පළාත සදහා ලෝ ප්‍රකට ක්‍රීකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් පත් කිරීමටත්, උතුරු මැද සදහා තිස්ස විතාරණ පත් කිරීමටත්, නැගෙනහිර සදහා අනුරාධා යහම්පත් මහත්මිය පත්කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මුත්තයියා මුරලිදරන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර තිබුණු අතර මෙම තනතුර භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා පෞද්ගලිකවම මුරලිදරන්ට ආරාධනා කොට ඇති බවද දැනගන්නට ඇත.










