මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු පළාතෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කරන ලද තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කොටි නායක ප්‍රභාකරන් මරා දැමූ මුලතිව් මුල්ලිවයික්කාල්හි සැමරුම් අවස්ථාවකට සහභාගී විය.
මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්ධයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දැල්වීමෙන් අනතුරුව සී.වී.විග්නේෂ්වරන් මහතා ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් ජනතා මෙහෙවර ආරම්භ කරන බවට ප්‍රකාශ කරන ලදි.
පළමු වතාවට මහමැතිවරණයකට පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට තරඟ කොට මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කළ තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂය මගින් ඉදිරියේදී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පූර්ණ කැපකිරීම් කිරීමට සූදානම් බවටද සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වමින් වැඩි දුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
මීට පෙර ගජන් පොන්නම්බලම් මහතාද මෙම ස්ථානයට පැමිණ දිවුරුම් දීමට පියවර ගත් බව අපි ජායාරූප සහිතවම වාර්තා කර සිටියෙමු.











