• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකේ එන්නත් හිඟයටත් ගෝඨා පළිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

May 30, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ලෝකේ එන්නත් හිඟයටත් ගෝඨා පළිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ මේ දිනවල අගමැති මෝඩිට විරුද්ධව දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ, ඉන්දියාවේ ජනතාවට දෙන්න තිබුණු එන්නත් වෙනත් රටවල ජනතාවට පිනට දී ඉන්දියාවේ ජනතාව අමාරුවේ දැම්මා යැයි කියාය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ ලංකාවට මේ එන්නත් ලබා දීම හරහා ඉන්දියාවේ ජනතාවට ලබා දීමට නියමිතව තිබූ එන්නත් අහිමි වූවා යැයි කියාය.

ඉන්දියාව එන්නත නිපදවූ සමයේ ඉන්දියාවෙන් එන්නත ඉල්ලපු පළමු රටක් වූයේ ලංකාවය. පෞද්ගලිකවම ‌ගෝඨාභය ඉන්දියාවට කතාකොට ලංකාවට මෙම එන්නත් ලබා දෙන ලෙස මෝඩිගෙන් ඉල්ලීමක් කළේය. ‌මෙම ඉල්ලීමට කන් දුන් මෝඩි පළමු වටයේදීම ලංකාව ඇතුලු රටවල් කිහිපයකටම එන්නත් ලබා දීමට පියවර ගත්තේය. පළමු වටයේදීම ලක්ෂ 6ක එන්නත් ලංකාවට ලබා දුන් ඉන්දියාව අනතුරුව තවත් ලක්ෂ 6ක් ලබා දීමටද පියවර ගත්තේය. මුල් අදියරේදී ප්‍රදානයක් ලෙස ලබා ගත්තද ගෝඨාභය බලාපොරොත්තු වූයේ ඉන් අනතුරුව මුදල් දී එන්නත් ලබාගෙන රටේම ජනතාව එන්නත්කරණය කිරීමටය.

සැලසුම් කළ පරිදි ඉන්දියාවෙන් පළමු ලක්ෂ 6 ලැබිණ. දෙවන ලක්ෂ 6ද ලැබිණ. නමුත් ගැටලුව ආවේ ඊළග මාත්‍රාවන් ලංකාවට ලබා දීමට යාමේදීය. ඒ, කොරෝනා තුන්වන රැල්ල ඉන්දියාව වෙලාගැනීම නිසාය. මෙම කොරෝනා තුන්වන රැල්ලෙන් ඉන්දියාව හතරගාතේ දා බිම ඇද වැටිණ. දිනකට ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 3 පැන්නේය. දසදහස් ගණනින් දිනකට ‌මරණ වාර්තා වීම සිදුවිය.

ඉන්දියාවේ තුන්වන රැල්ල ආරම්භ වී ඇති බවත්, එය ඉකුත් රැලි 2ටම වඩා අතිභයානක බවත් මෝඩිට වැටහුණේ ඉන්දියානුවන්ගේ මළසිරුරු පාරවල් ගානේ පිච්චෙද්දීය.

ඉන්දියාව යනු ලොව ඖෂධ නිපදවන රටවල් අතර ඉහළින්ම ඇති රටකි. නමුත් වෙනත් රටවල්වලට අපනයනය කරනවාටත් වඩා තම රටේ ජනතාවටවත් එන්නත ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව මෝඩිට වැටහිණ. ඒ අනුව මෝඩි කළේ හැකි තරම් එන්නත් නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට සමාගම්වලට බලපෑම් කිරීමය.

නමුත් ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයුම ලබා දීමට ඉන්දියාවේ ඖෂධ සමාගම්වලට නොහැකි විය. මේ හේතුවෙන් දේශපාලකයන්ගේ පමණක් නොව ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයන්ගෙන් පවා ඖෂධ සමාගම්වලට බලපෑම් එල්ල වන්නට විය. මේ බලපෑම් කොපමණ දරුණු වූවාද කියනවා නම් ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවන සීරම් ආයතනයේ ප්‍රධානියා මෙම බලපෑම් ඉවසාගත නොහැකිව ලන්ඩනයට පළා යාමට කටයුතු කළේ ඒ අනුවය.

අද ඉන්දියාවේ ඇත්තේ එහෙම තත්ත්වයකි. ආසියාවේ ශක්තිමත්ම නායකයා ලෙස සැලකෙන මෝඩිටත් එන්නත තමන්ගේ රටේම නිෂ්පාදනය කරලාවත් ජනතාවට එන්නත ලබා දීමට නොහැකි වුණා නම් ලංකාවේ ජනතාවට එන්නත ලබා දීමට ගොඨාභයට බැරි වුණා යැයි කියමින් විපක්ෂය කෑකොස්සන් ගැසීමත් විහිලුවකි.

අනෙක් අතට අද එන්නත් අර්බූදය තියෙන්නේ ඉන්දියාවේ පමණක් නොවේ. ලොව අනෙක් රටවල්වලද එන්නත් ගැටලුව එහෙමය. ඒකට හේතුව වෙන මොකක්වත් නොව ජනතාව ඉල්ලන තරම් එන්නත් ලබා දීමට එන්නත් නිෂ්පාදනය නොවීමය. පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගේබ්‍රියස් පවා ලොව ප්‍රබල රටවල්වලට චෝදනා කරමින් කියා සිටියේ ලොව අතිබහුතරයක් රටවල් එන්නත් නැතිව හූල්ලද්දී රටවල් කිහිපයක් පමණක් වුවමනාවටත් වඩා එන්නත් ගබඩා කරගෙන විනාශයකට පාර කපා ඇති බවකි. ‌වෙන රටවල්වල එන්නත් නැතිව මිනිසුන් මියැදෙද්දී මේ රටවල් කුඩා ළමුන්ට පවා එන්නත් විදින තැනට පත්ව ඇති බවද ග්‍බ්‍රෙියස් කියා තිබිණ.

එවැනි තත්ත්වයකදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බලගතු ආයතනයකට පවා ලොව එන්නත් බෙදාදීම සමබර කළ නොහැකි නම් ලංකාව වැනි පුංචි රටක ජනාධිපතිවරයා වූ ගෝඨාභය ලොව කොහෙන් නම් එන්නත් ගෙන එන්නද?

හැබැයි එහෙමයි කියා ගෝඨාභය එන්නත ගේන වැඩේ අතහැරියේ නැත. ලොව ප්‍රධාන රටවල්වලට පමණක් නොව කොංගෝ වැනි පුංචි රටවලට පවා ගෝඨාභය කෙළින්ම කතා කළේ හදෙන් හරි එන්නත ගෙනවිත් තම ජනතාවට දිය යුතු බවට ගෝඨාභය හිතපු නිසාය.

ගෝඨාභය අන්තිමේදී චීනෙට හැරුණේ මේ සියල්ල කර කිසිම ප්‍රතිඵලයක් නොලැබුණු තැනය. ලංකාවට අමාරු වුණු හැම තැනකදීම චීනය ලංකාවට උදව් කළාක් මෙන් මේ අවස්ථාවේදීත් චිනය ලංකාව අතහැරියේ නැත. චීනය තම රටේ නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත ලංකාවට එව්වේ එහි ප්‍රතිපලයක් ලෙසටය. හැබැයි සයිනොෆාම් එන්නත ලංකාවට එව්වා කියා දෙන්නන් වාලේ ගෝඨාභය ඒ එන්නත ජනතාවට දෙන්න ගියේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය එනතෙක්ම ඉවසාගෙන සිටියේය.

කෙසේවෙතත් ගෝඨාභය කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට දැන් ලංකාවට රුසියාවෙන් එන්නත් ලැබෙන්නට පටන් අරන් තිබේ. අනෙක් රටවල්වලින් එන්නත් ලැබෙන දිනයන් නිශ්චිත වශයෙන් දැනගන්නට නැතත් චීන එන්නත නිශ්චිත වශයෙන් ලංකාවට ලබා ගත හැකි බවට විශ්වාසයක් රටේ ජනතාවටත් මේ වනවිට ඇති වී තිබේ. එහි පළමු තොගය නොමිලේ ලැබුණත් ඉදිරියට අනෙකුත් එන්නත් තොග ගැනීමේදී රටට විශාල මුදලක් වැය කිරීමටද සිදුවනු ඇත.

එහෙමයි කියා එන්නත් ගන්නම ඉතිරි කළ මුදල් භාණ්ඩාගාරයේ නැත. මොකද යහපාලනය රාජපක්ෂවරුන්ට ඉතිරි කර ගියේම බිංදුවටම හිස්වුණු භාණ්ඩාගාරයකි. ඒ තිබ්බ සල්ලිවලින් යහපාලනය අරන් තිබුණු ණය වාරිකවත් ගෙවාගන්න හැකියාවක් තිබුණේ නැත. එහෙව් වෙලාවක ජනතාවට එන්නත ලබා දෙන්න ගෝඨාභයත් මහින්දත් කරන සටන අගය කරන්න ඕනෑය.

එහෙම වෙලාවක විපක්ෂය කරන්න ඕන මොකද්ද?

විපක්ෂය කරන්න ඕන බොර දියේ මාළු බාමින් ආන්ඩුවේ කකුලෙන් ඇදීම නොව ජාතික ව්‍යසනයක් මතුව තියෙන මේ අවස්ථාවේ ජනතාව බේරගන්න ආණ්ඩුවට සහාය දක්වන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මැලේසියාව දින 14කට වහයි

Next Post

රට බේරගන්න එන්නත් කෝටි 3ක් ඕනෑ: ආවේ තාම ලක්ෂ 20යි: විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.