රටේ ජනගහනයෙන් 60%ක ප්‍රමාණයක් එන්නත්කරණය කොට අර්බූදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම සදහා එන්නත් මාත්‍රා කෝටි 3ක් (මිලියන 30ක්) අවශය බව මේ වනවිට හදුනාගෙන තිබේ.
නමුත් ගෙවුණු මාස 5ට එන්නත් වර්ග 3කින්, එනම් ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් සහ සයිනොෆාම් වර්ගවලින් ලංකාවට පැමිණ ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් හෙවත් මිලියන 2ක් පමණක් බව දැනගන්නට ඇත.
ඒ අනුව තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 280ක හිගයක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත.
ඒ, සයිනොෆාම් එන්නත් මිලියන 14ක්, ස්පුට්නික් මිලියන 13ක් සහ ෆයිසර් එන්නත් මිලියන 5ක් වශයෙන් බව ගුණසේන මහතා කියා සිටියේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරන කරුණු අසත්‍ය බවකි.
වියත් මගේ සාමාජිකයකු වශයෙන් සිටිමින් ගුණසේන මහතා එන්නත් රටට ලබා ගැනීම අතපසු කොට ඇති බවත්, ඒ හේතුවෙන් නැතිවන මිනිස් ජීවිතවල වගකීම ඔහු විසින් බාරගත යුතු බවත් මරික්කාර් මහතා පෙන්වා දෙයි.










