නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දීම හෙට (27) පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.
ඒ බව දැනුම් දෙමින් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ සියලුම ඇමැතිවරුන්ට දුරකතන ඇමැතුම් ලබා දීමට පියවර ගෙන තිබිණ.
බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන් 20ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 15ක් දිව්රුම් දෙනු ඇති බව පැවසේ.










