රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණට අයත් සියලුම පක්ෂ නායකයන්‌ගේ රැස්වීමක් කැදවීමට පියවර ගෙන ඇත.
අද (28) දින පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම කැදවා ඇති බව වාර්තා වේ.
මෙහිදී ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් සහ මහමැතිවරණය පිළිබද සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










