මේ දිනවල සමාජ මාධ්‍යවල මහත් ප්‍රසිද්ධියක් උසුලන හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සම්බන්ධයෙන් අද (07) පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ එම හඩ පටවල සදහන් කරුණු පදනම් කරගනිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කළ යුතු බවකි.
අමාත්‍යවරයාගේ එම යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් අනුමත කර ඇති බවද දැනගන්නට තිබේ.










