විශේෂ සාකච්ජාවක් සදහා තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් 12 දෙනකු කැදවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.
අද (30) දහවල් 11ට මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත.
දැනට පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.
වසර අවසාන නිවාඩු සමය හේතු කොටගෙන දකුණු ඉන්දියාවේ ඌටි නගරයේ කළ සංචාරයකින් පසුව යළි ලංකාවට පැමිණ සිටින වික්‍රමසිංහ මහතා හා එජාප නියෝජිතයන් අතර පැවැත්වෙන පළමු සාකච්ජාව මෙය වේ.










