ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප නියම කිරීමට අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
සේනාරත්න මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පසුගිය 23 වනදා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අද යළි විමසා බැලීමෙන් අනතුරුව මෙසේ ඇප නියම කිරීම සිදු කෙරිණ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක් මුල් කරගෙන සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කොට තිබුණු අතර පසුව ඒ මහතා රෝහල්ගතවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.










