එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රී ආසනයක අසුන් ගෙන සිටියදී අද (06) දින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බැදුම්කර වංචාව පිළිබදව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී එස්.එම්. මරික්කාර් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු බැදුම්කර සිද්ධිය පිළිබදව අදහස් ප්‍රකාශ කළහ.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ බැදුම්කර වංචාවට ඍජුවම වික්‍රමසිංහ මහතා වගකිව යුතු බවට එවක ඒකාබද්ධ විපක්ෂය විශාල චෝදනාවක් එල්ල කර තිබිණ.
කෙසේවෙතත් අද දින බැදුම්කර සිද්ධිය පිළිබද විපක්ෂය ප්‍රශ්න කරද්දී වික්‍රමසිංහ මහතා නිහඩව සිටි ආකාරයක් දැකගත හැකි විය.










