පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ප්රසිද්ධව සිටින්නේ තමන් සිදුකරන දුරකතන සංවාද පටිගත කරන්නකු ලෙසටය.
මේ හේතුව නිසාම පසුගිය කාල වකවානුවේදී රන්ජන් රාමනායක මහතා පිළිබදව බොහෝ දෙනා කතා කළ අතර ඔහු විසින් පටිගත කර තිබූ ඇතැම් හඬ පට රට ඇතුළේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
මේ වනවිට ඒ ඇතැම් හඬ පට අධිකරණ කටයුතුවලටද තුඩු දී අවසානය.
කෙසේවෙතත් ඊයේ (28) දින රන්ජන් රාමනායක මහතාගේ තවත් සුවිශේෂ හඬ පටයක් එළියට පැමිණියේය.
එම හඬ පටයෙහි සදහන්ව තිබුණේ රන්ජන් රාමානයක මහතා හා විකට රජු ලෙස සැලකෙන ටෙනිසන් කුරේ මහතා අතර සිදුවූ අවසන් කතාබහය.
ටෙනිසන් කුරේ මහතා ලෙඩ ඇදේ සිටියදී මෙම දුරකතන සංවාදය සිදුව තිබිණ.










