• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම අල්ලපු ජේ.ආර්.‌ගෙ තීන්දු හොල්ලපු යකඩ ගැහැනිය ‘එලීනා’

September 23, 2020
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
රටම අල්ලපු ජේ.ආර්.‌ගෙ තීන්දු හොල්ලපු යකඩ ගැහැනිය ‘එලීනා’
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ජනාධිපති ධුරය සඳහා සුදුසුම අනුප්‍රාප්තිකයා වන්නේ අගමැති ආර්. ප්‍රේමදාස මතා යැයි බොහෝ දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කරමින්, එය ඉටුකරලීම සඳහා ජේ. ආර්. ජනාධිපතිවරයාගේ බිරිය එලීනා ජයවර්ධන මහත්මිය තම ස්වාමියාට දැඩි ලෙස බලපෑම් කළ ආකාරය ගැන අපූරු කතාන්දරයක වගතුග හෙළිවී ඇත. මෙම දුර්ලභ වගතුග හෙළිවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක වන සාගරිකා දිසානායකගේ නවතම ග්‍රන්ථයක් වන ‘එලීනා ජයවර්ධන – චරිතයක කතාවක්’ නමැති චරිතාපදානය තුළිනි. පසුගියදා යටකී ග්‍රන්ථයෙන් උපුටාගත් සුවිශේෂී රසවත් කරුණු ඇතුළත් ඉංග්‍රීසි ලිපියක් ‘දි අයිලන්ඞ්’ පුවත්පතට රචනා කර තිබිණි. මෙම කරුණු ආශ්‍රිතකර ගනිමින් මෙම සිංහල ලිපිය සකස් කෙරිණි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශ්‍රාම යෑමත් සමඟ 80 වැනි දශකයේදී පැවැත්වුණු දෙවැනි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සුදුසුම පුද්ගලයා වන්නේ ආර්. ප්‍රේමදාස මහතා බවත්, ඒ සඳහා ඔහුට එම අවස්ථාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත්, එලීනා විසින් ජේ. ආර්. වෙත පවසා ඇත. මේ වන විට ප්‍රේමදාසට එම අවස්ථාව ලබා දීම ගැන ජේ. ආර් නිසියාකාරව තීරණයක සිට නොමැති අතර, එලීනාගේ බලපෑම මත ඔහු තම අදහස වෙනස් කරගත් ආකාරය සාගරිකාගේ ග්‍රන්ථය හෙළි කරයි. ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේද ආර්. ප්‍රේමදාස බැව්, එලීනා විසින් ජේ. ආර්. වෙත අවධාරණය කර ඇත. මෙම සුවිශේෂී ඉල්ලීම සහ බලපෑම එලීනා විසින් සිදුකර ඇත්තේ, කළුතර බෝධීන් වහන්සේ සහ එම පන්සල් භූමිය තුළදීය. ජනාධිපති යුවළ මිරිස්ස කරා යන අතරවාරයේදී මෙම සාකච්ඡාව සිදුකර ඇති අතර, ජේ. ආර්. මිරිස්සට පැමිණ වාහනයෙන් බසින විටදී ජේ. ආර්. විසින් එලීනාට පවසා ඇත්තේ තමන් ඇයගේ යෝජනාවට එකඟ බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවත්ය.
ග්‍රන්ථ කතුවරිය විසින් මෙම හෙළිදරව්ව කර සිටින්නේ ජේ. ආර්.ගේ සහ එලීනාගේ වැඩිමල් මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන වෙතය. එවකට රුක්මන් සේනානායක නෙරපා දැමීම ගැනත්, එක්සත් ජාතික පක්‍ෂයේ ඊළඟ නායකයා කවුද යන්න ගැනත්, කතුවරිය කරුණු අවධාරණය කර ඇත. මෙම අතිශය තීරණාත්මක කරුණු දෙකෙන්, රුක්මන් නෙරපා හැරීම ගැනද එලීනා සිදුකළ තදබල විරෝධය ජේ. ආර්. විසින් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් එක්සත් ජාතික පක්‍ෂ අනාගත නායකයා ලෙස ආර්. ප්‍රේමදාස පත්කළ යුතු යැයි එලීනා කියූ අදහස ජේ. ආර්. විසින් අනුමත කරන ලද්දේය. එක්සත් ජාතික පක්‍ෂ අනාගත නායකත්වය සඳහා ඉහළම සුදුසුකම් ඇති පුද්ගලයා ආර්. ප්‍රේමදාස බවත්, ඉදිරියේදී ප්‍රභූ පැලැන්තිය විසින් තව තවත් බලය ඒකාධිකාරී කරවන අනුප්‍රාප්තිකයකු නායකයා ලෙස පත් නොකළ යුතු බවත්, එලීනා ප්‍රකාශ කර ඇත.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී.ට වඩා එලීනා ජේ. ආර්. තෝරාගත්තාය
එලීනා ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිටි ඉතාමත්ම ධනවත් පවුලක එකම දියණිය විය. එහෙත් විධිමත් අධ්‍යාපනයක් නොලත් ඇයට එකල තරුණ නීතිඥයකු වූ ජුනියස් රිචඞ් ජයවර්ධනයේ සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ආකර්ෂණයන් හිමි විය. පසුකලෙක ඒ දෙදෙනාම පිළිවෙළින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයටද පත්විය. කෙසේ හෝ ජේ. ආර්.ට පෙර එලීනා හඳුනාගත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. විසින් වන අතර, ඉන්පසුව දිනක් ජේ. ආර්.ගේ නිවෙසේදී එලීනා සහ ජේ. ආර්. එකට සිටිනු දැක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. තම ආදරය අත්හැර දැම්මේය.
ඉන්පසු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. විසින් ‘මගේ සුබපැතුම් පිරිනමනවා’ යැයි, එලීනා සහ ජේ. ආර්. යුවළට ප්‍රකාශ කර ඇත.
1935 පෙබරවාරි 28 වැනිදා සවස් යාමයේදී කොළඹ 07, වෝඞ් පෙදෙසේ පිහිටි ‘බ්‍රෙමර්’ නිවෙසේදී එලීනා, ජේ. ආර්. සමඟ විවාහ ගිවිස ගත්තේය. එකල ජුනියස් රිචඞ් ජයවර්ධන තම මිතුරන් විසින් හැඳින්වූයේ ‘ඩිකී’ යන නාමයෙනි. නව යුවළ සඳහා මෙම විවාහ යෝජනාව ගෙන ආවේ ජේ. ආර්.ගේ මව වන ඇග්නස් හෙලන් ජයවර්ධන විසින් වන අතර, ඇය එකල ලංකාවේ ප්‍රකට වූ නීතිඥයකු වන ඊ. ඩබ්ලිව්. ජයවර්ධනගේ බිරිය විය. ඇග්නස් හෙලන් ජයවර්ධන යනු ප්‍රකට ලේක්හවුස් පුවත්පත් ආයතනයේ භාරකරු වන ඩී. ආර්. විජේවර්ධනගේ සහෝදරිය වෙයි.
‘එලීනා ජයවර්ධන – චරිතයක කතාව’ පදනම්වී ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනකු සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරෙනි. ප්‍රදීප් ජයවර්ධන, රුක්ෂාන් අමල් ජයවර්ධන (ජේ. ආර්. සහ එලීනාගේ දෙවැනි මුණුපුරා) ෂාමෙන් මෙන්ඩිස් (අභාවප්‍රාප්ත රවී ජයවර්ධනගේ පළමු වැනි බිරිය – රවී ජයවර්ධන යනු ජේ. ආර්. සහ එලීනාගේ එකම පුත්‍රයායි) සහ ජයවර්ධන පවුලේ තවත් සමීප ඥාතීන් කිහිපදෙනෙක්ද සාකච්ඡාවට භාජන කර ඇත. ඔවුන්ට අමතරව ඥාතීන් වන මහාචාර්ය අශ්විනි ප්‍රනාන්දු, ලක්‍ෂ්මී සුනීතා සුබසිංහ, ආචාර්ය සතිස් ජයසිංහ සහ නාලිනී මාපිටිගම යන අයද, එලීනා ජයවර්ධනගේ අවසාන කාලය දක්වාම ඇයගේ කටයුතු කළ කාන්තා සහායිකාවන් කිහිපදෙනකු වන ගලහතිගේ ලීලාවතී, ලිලානි ද සිල්වා සහ හෙට්ටිආරච්චිගේ මැගිලින් යන අයද සාකච්ඡාවට බඳුන්කර ඇත. ප්‍රදීප් ජයවර්ධනගේ බාල සොහොයුරා වන අම්රික් ඔවුන්ගේ අභාවප්‍රාප්ත ආච්චිගේ කෙටි චරිතාපදානය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ අතර, ලේඛිකාවට ඔහු සමඟ කතා කිරීමට අවස්ථාවක් නොලැබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ අභාවප්‍රාප්ත අමරහේවා මද්දුමගේගේ කෘතියකින්ද කතුවරිය යම් කරුණු උපුටා දක්වා ඇත. මේ ආකාරයට ඉතා පුළුල් වපසරියකින් කරුණු රැස්කරගෙන ඇත.
එලීනා සහ ජේ. ආර්.ගේ එකම පුත් රවී ජයවර්ධන සමඟ කතුවරිය සාකච්ඡා කිරීමට අපොහොසත් වීම එක්තරා අඩුපාඩුවක් යැයි මෙහි ඉංග්‍රීසි ලිපිය ලියන ලේඛකයා ප්‍රකාශ කර සිටියි. එහිදී කතුවරිය යටකී ලේඛකයාට පවසා ඇත්තේ, ‘මම මේ කෘතියේ කටයුතු පටන්ගන්නා විටදී රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙලා සිටියේ. ඔහු 2017 අප්‍රෙල් 03දා, 80 වැනි වියේදී ජීවිතයෙන් සමුගත්තා’ යනුවෙනි.

2007 නොවැම්බර් 17 වැනිදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී එලීනා ජයවර්ධන අභාවප්‍රාප්ත වූ අතර, එවිට ඇයගේ වයස අවුරුදු 95ක් විය. එනම් ඇගේ මරණය සිදුවූයේ ජේ. ආර්. ජයවර්ධනගේ මරණයෙන් වසර 11කට පසුවය. එලීනාගේ පුත් රවී ජයවර්ධන සහ ඔහුගේ දෙවැනි බිරිය වන ජෙනී විසින් එකල රෝගාතුරව සිටි එලීනා වෙත ලබාදෙන ආහාර රටාව සඳහා බාධා කළ වගතුග ගැන ලේඛිකාව සඳහන් කර ඇත. මෙලෙස කටයුතු කිරීම ගැන ජයවර්ධන පවුලේ සාමාජිකයන් සහ එලීනා රැකබලාගත් අයගේද අපහසුතාවට හේතු විය. එලීනාගේ සහායිකාවක් වූ හෙට්ටිආරච්චිගේ මැගලින් නමැති කාන්තාව ලේඛිකාව වෙත ප්‍රකාශ කර ඇත්තේ, රෝගාතුරවූ එලීනා වෙත මාළු හෝ මස් ලබානොදිය යුතු යැයි රවී ජයවර්ධන ප්‍රකාශ කර ඇති හෙයින්, ඒ ගැන ප්‍රදීප් ජයවර්ධන තම පියා සමඟ කිහිපවතාවක් වාද විවාද කරන ලද බැව්ය. එලීනා රැකබලා ගැනීමට සිටි හෙදියන් ඉවත් කිරීම සහ තවත් කරුණු කිහිපයක්ම කෙරෙහි රවී ජයවර්ධන සහ ජෙනී මැදිහත්වීම සිදුකළේ ඇයි දැයි නිසි පැහැදිලි කිරීමක් නැත. එලීනාගේ සෞඛ්‍ය තත්ත්වය දිගින්, දිගටම පිරිහීම ගැන ප්‍රදීප් ජයවර්ධන තම පියාට දෝෂාරෝපණය කළේය. මෙම කාලයේදි එලීනා යම් සිහිමද තත්ත්වයෙන් පසුවූ හෙයින්, ඇයගේ එම තත්ත්වය තවදුරට පවත්වා ගැනීමෙන් වැළකීමට රවී ජයවර්ධන විසින් මෙසේ සිදුකරන්නට ඇතැයිද කරුණු ප්‍රකාශ වෙයි.
එලීනා මියයෑමට වසර 11කට පෙර සිටම ඇය රෝගී තත්ත්වයෙන් පසුවූ බැව් ප්‍රකාශ වෙයි. ඇය තම ස්වාමියා වූ ජේ. ආර්.ගේ මරණය පවා එකල නිසියාකාරව දැන සිටියේ නැති අතර, එකල ඇය යම් සිහිමද රෝගී තත්ත්වයකින් පසුවී ඇත. ජේ. ආර්. මියගියේ 1996 වසරේදී වන අතර, එලීනා මියගියේ ඉන් වසර 11කට පසුවය. එම කාලය තුළදී ඇයගේ රෝගී තත්ත්වයේ අඩුවක් නොවූ අතර, අවසාන අවුරුද 5කදී ඇය වචනයකුදු හෝ කතාබස් කළේ නැත.
ජේ. ආර්. දේශපාලනයට පිවිසීම,
ජේ. ආර්., එලීනා සමඟ විවාහ වීමෙන් පසුව වසර 7ක් යනතෙක් නීතිඥ වෘත්තියේ යෙදී සිටියේය. 1935 වසරේදී එවකට 32 වැනි වියෙහි පසුවූ ජේ. ආර්. පළමුවැනියෙන් දේශපාලනයට පිවිසියේ ලංකා ජාතික කොංග්‍රසය හරහාය. එහිදී ඔහු ඒකාබද්ධ ලේකම් ධුරයේ 1946 දක්වා කටයුතු කළේය. එලීනා සමඟ විවාහ වීමට පෙර ජේ. ආර්. මුල් සබඳතා දෙකක් හෝ තුනක් බිඳදැමුවේය.
ජේ. ආර්.ගේ දේශපාලන ජීවිතයේ බොහෝ කටයුතුවලදී එලීනා බොහෝ සමීපව කටයුතු කළාය. ඉතාමත් ම්ලේච්ඡ දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ භීෂණ සමයේදීත්, තවත් අර්බුද ගණනාවකදීත් එලීනා තම ස්වාමියා සමඟ බොහෝ බුද්ධිමත්ව කටයුතු කළාය. 1943 වසරේදී ජේ. ආර්. යටත්විජිතවාදී රාජ්‍ය කවුන්සිලයට ඇතුළත්වී එකල අතුරු මැතිවරණයක් මගින් කැලණිය ආසනය ජයග්‍රහණය කළේය. එහෙත් කැලණිය ආසනය පරාජයට පත්විය. කෙසේ හෝ ඉන්පසු කාලයකදී 1977 මහ මැතිවරණය ජේ. ආර්.ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්‍ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.
ප්‍රදීප් ජයවර්ධන සහ ඔහුගේ සහෝදරයා,
1956 සිට 1977 දක්වා කාලය තුළ ඔවුන්ගේ ආච්චිලා සහ සීයලා සමඟ ගත කළ කාලය ගැන ඉතා ආදරයෙන් කතා කළේය. එකල ජේ. ආර්. විපක්‍ෂ සාමාජිකයකු ලෙස විශාල අරගලයක් කරමින් සිටියේය. එකල රට තුළ විශාල ආහාර හිඟයක් ඇතිව තිබීම ගැන ප්‍රබල සඳහනක් විය. එහිදී ධනවත් ජනතාව වෙළෙඳපොළේ මිලට වඩා වැඩි මිලක් ගෙවා දුප්පත් ජනතාවගෙන් ආහාර ලබාගත් බවටද කරුණු ප්‍රකාශ විය.
කතුවරිය මෙහිදී ජේ. ආර්. වෙත දීප්තිමත් උපහාරයක් පිරිනමන්නේ, 1989දී ජේ. ආර්.ගේ බලයේ උච්චම අවස්ථාවේදී ඔහු තමන්ගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීම ගැන සඳහන් කරමිනි. තම ස්වාමිපුරුෂයාගේ දේශපාලන බලය ගවේෂණය කරගැනීම සඳහා එලීනා තමන්ගේ අසමසම ධනය බොහෝ නිර්ලෝභීව ලබාදුන් ආකාරය ගැනත්, උදව්, උපකාර අවශ්‍ය අයටද එලෙස තම ධනය ලබාදුන් ආකාරය ගැනත්, කතුවරිය කරුණු සඳහන් කරන්නීය. වයස අවුරුදු 58දී තම පියාගේ හදිසි අභාවයෙන් පසුව ජේ. ආර්. තම පවුලේ කටයුතු සිදුකිරීම සඳහා දැඩි අරගලයක නිරත වූ අතර, එම කාලයේදී ඔහුගේ බිරියගෙන් ලැබුණු මූල්‍යමය සහයෝගය මහත් සහනයක් විය. ජේ. ආර්.ට සහෝදර, සහෝදරියන් 9 දෙනකු වූ අතර, ඔහු පවුලේ වැඩිමල් දරුවා විය.
නිල ජනාධිපති මැඳුරේ වාසය කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණද, ජයවර්ධන පවුලේ සියලුමදෙනා නිතර වාසය කළේ වෝඞ් පෙදෙසේ ‘බ්‍රෙමර්’ නිවාසයේය. එය ඔවුන්ගේ පෞද්ගලික නිවෙස විය. එලීනා බොහෝ විට පොදු ජනතාවගේ පැත්ත ගැනීමට මැදිහත් වූ බැව් කතුවරිය ප්‍රකාශ කරන්නීය. එහෙත් 1983දී මහ මැතිවරණය කල්දැමීමට ජේ. ආර්. ගත් විනාශකාරී තීරණය ගැන ඇයගේ මතිමතාන්තරය කුමක් දැයි පැහැදිලි සඳහනක් නැත. ජේ. ආර්. උනන්දු වන්නේ කුමක් ගැන දැයි දත් එලීනා, උදේ තේ මේසයේදී පත්තරවල පළවන සමහර පුවත් ජේ. ආර්.ට ඇසෙන සේ හඬනඟා කියවන්නීය.
‘බ්‍රෙමර්’ නිවෙස වෙත දරුවන්ගේ පැමිණීම
තම මව තමන් සහ තම සහෝදරයන් හැර යන විට ප්‍රදීප් ජයවර්ධන 11 වැනි වියෙහි පසුවිය. ප්‍රදීප් 1960 වසරේද, ඔහුගේ බාල සොහොයුරන් වන රුක්ෂාන් 1961 වසරේද, අම්රික් 1962 වසරේද උපත ලැබුවේය. රවී ජයවර්ධන සහ ඔහුගේ පළමු බිරිය ශාමේන් අතර දීර්ඝ කාලයක සිට පවුල් අරගල ඇති වූ අතර, ඔවුන් 1969 වසරේදී දික්කසාදයට පත්විය. කෙසේ හෝ ෂාර්මේන් සමඟ විවාහය කඩකිරීම ගැන රවීට දෝෂාරෝපණ එල්ලවී තිබිණි. රවී සහ ෂාර්මේන් යන දෙදෙනාම රයිෆල් වෙඩි තැබීමේ දක්‍ෂයන් වූ අතර, ඔවුන් දෙදෙනාම පුහුණු ගුවන් නියමුවන්ද වූහ. කතුවරිය මෙහිදී බොහෝ උfiා්ගිමත්ව කතා කරන්නේ මෙම යුවළගේ විවාහය දෙදරා යෑම සහ නැවැත විවාහ ගිවිස ගැනීම පිළිබඳවය. කෙසේ හෝ අවසානයේදී දරුවන් සියල්ලම තම ආච්චි සහ සීයාගේ රැකවරණය යටතට පත්විය. තමන්ගේ පියා ඔවුන්ගේ ආච්චි සම ඇතිකරගත් යම් කරදරකාරී සම්බන්ධතාවය ගැන දරුවන් කනස්සල්ලට පත්වී තිබිණි.
දරුවන්ගේ සීයා පාසල් සමයේදී බොක්සින් ක්‍රීඩකයකු මෙන්ම රගර් ක්‍රීඩකයකුද වූ නිසා, උදෑසන කැනේඩියානු ගුවන් හමුදා අභ්‍යාස පිළිවෙත අනුගමනය කරයි. ආච්චි ‘බ්‍රෙමර්’ නිවෙසේ පසුපස අංගණයේ ඇවිදිමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ තර්ජන හේතුවෙන් එළිපෙහෙළියේ ඇවිදීමට නොහැකි හෙයිනි. එලීනාට එකල කිසිදු කාන්තා සහායිකාවක් නොසිටි අතර, රාජකාරී කටයුතු සඳහා ලකලැහැස්ති වීමේදී පවා සහායක් ලබා නොගත්තාය. එසේම විදේශීය ජනනාකයන්ගෙන් ලැබුණු ඉතාමත් මිල අධික තෑගි බෝග පවා ජයවර්ධනවරුන් විසින් තමන්ගේ බාරයේ තබා නොගත්තේය. වැඩිමල් ජයවර්ධනවරුන් තමන්ගේ මුණුපුරන් තිදෙනා සමඟ කළ අරගලය ගැන කතුවරිය විශේෂිතව පවසා සිටින්නීය. තමන් කීකරු නොවී දඟ කිරීම හේතුවෙන් තම ආච්චි තමන්ට කිහිප වරක්ම කම්මුලට පහර දුන් ආකාරය ගැන රුක්ෂාන් සිහිපත් කළ අතර, ආච්චි සමඟ බහින්බස් වීම නිසා සීයාද එක් දිනක් තමන්ට පිපුරුම් සහගත කම්මුල් පහරක් දුන් බැව් රුක්ෂාන් පවසා සිටියේය. තම පුත් රවී ජයවර්ධනගේ විවාහය බිඳීයෑමෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන විසින් තමන්ගේ මුණුපුරන් තිදෙනා සඳහා නව නිවෙසක් ‘බ්‍රෙමර්’ නිවාස භූමියේ ඉදිකරන ලදී.
රවී ජයවර්ධනගේ පළමු වැනි බිරිය ෂාර්මේන් පදනම් කරගත් පරිච්ඡේදය සත්‍ය වශයෙන්ම ඉතාමත් සිත්ගන්නාසුලුය. රවී ජයවර්ධන සමග විවාහ වීමට ෂාර්මේන්ගේ මවුපියන්ට එම අදහස ඉදිරිපත් කළ පසු ඇයගේ මවුපියන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ෂාර්මේන් එකල හීන් බබා ධර්මසිරි සහ තිත්තවෙල ගුණයා නමැති නැටුම් ගුරුන්නාන්සේලාගෙන් සිංහල සංස්කෘතික ආයතනයේදී උඩරට නැටුම් පුහුණු වූවාය. එසේම ඇය මීගමුව රයිෆල් සමාජයේදී රයිෆල් වෙඩි තැබීම්ද පුහුණු වූවාය. කෙසේ හෝ අවසානයේදී 1959 වසරේදී රවී සහ ෂාර්මේන් අතර විාහය සිදුවුණි. එසේම පසුකාලයකදී ඔවුන්ගේ විවාහය බිඳවැටුණද, ජේ. ආර්. සහ එලීනා යුවළ ෂාර්මේන් සමඟ ඉතා සුහද සම්බන්ධතාවක් පවත්වා ගත්තේය. තම ස්වාමියාට වෙනත් සම්බන්ධතා කිහිපයක් තිබුණු බැව් ෂාර්මේන් පිළිගත් අතර, ඒ හෙයින් ඔහු ග්‍රෙගරි පාරේ නිවාසයද අත්හැර ගිය බැව් ඇය පැවැසුවාය. පසුකාලයකදී ජේ. ආර්. සහ එලීනා එකවර රෝහල්ගත කරනු ලැබීය. එසේම පසුව ජේ. ආර්. බැලීමට එලීනා රෝහලට පැමිණීම ජේ. ආර්. විසින් වළක්වා ඇත්තේ, එලීනා තමන් දැකීමෙන් දුකට පත්වනු ඇතැයි ඔහු සිතූ හෙයිනි.
එලීනා ජයවර්ධනගේ සහායිකාවක් වූ ගලහිතිගේ ලීලාවතී විසින් කතුවරියට පැවැසූ අපූරු කතාවක් සඳහන්ව ඇත. මෙම සිදුවීම ඇති වී තිබෙන්නේ පසුකාලයකදී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්වූ පසුවය. ලීලාවතීගේ පුතෙකු ඩී. එස්. සේනානායක විදුහලට ඇතුළත්කර ගැනීමට උදව් කරන ලෙස රනිල්ගෙන් ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ ගැන එලීනාද රනිල්ට පවසා ඇතත්, වික්‍රමසිංහ එම උදව්ව ඇය වෙනුවෙන්ද ඉටුකර නොමැත.

සකස් කළේ ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

20 ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේ කියපු කතාව (VIDEO)

Next Post

‘චයිනීස් ඔන්ලි’ සුපිරි කැසිනෝ ගැහිල්ලක් කොළඹින් අල්ලයි (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.