ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමේදී ශ්රීලනිපය පාර්ශ්වයෙන් පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක් මෛත්රීපාල සිරිසේන මහතා විසින් වගකිවයුත්තන් වෙත යවා තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුව නැති බව දැනගන්නට ඇත.
අවම වශයෙන් එවැනි ලිපියක් ලැබුණු බව හෝ වගකිවයුත්තන් විසින් සිරිසේන මහතා වෙත යොමු කර නොමැති බව පැවසේ.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසෛ්කර මහතාගේ ඉල්ලීම මත සිරිසේන මහතා මෙම නම් ලයිස්තුව සහිත ලිපිය යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.










