කතානායක කරු ජයසූරිය මහතා හට මල්වතු -අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් විශේෂ කැදවීමක් ලැබී ඇත.
ඒ අනුව අද (04) දිනයේදී කතානායකවරයා මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතය.
මෙහිදී මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විසින් කතානායකවරයා වෙත විශේෂ පණිවුඩයක් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.
මෙම හමුවට පෙර අද දහවල් උභය විහාරීය මහනාහිමිවරුන් රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ජා කිරීමටද පියවර ගෙන තිබිණ.










