අලුත් දේශපාලන පක්ෂයක් පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා පළමුවරට සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඉකුත් සදුදා දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී තමන්ට සහාය ලබා දුන් එජාප මන්ත්‍රීවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා මේ පිළිබදව අදහස් දක්වා තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණ ජන්ද සටන අතරතුරදී තමන්ට පක්ෂයෙන් සිදුවුණු කෙනෙහිලිකම් පිළිබදව ඉතා සංවේදීව අදහස් දක්වා ඇති ප්‍රේමදාස මහතා, කුමන ගැටලු තිබුණද තමන් කිසිසේත්ම අලුත් පක්ෂ සෑදීමට කටයුතු නොකරන බවත්, එවැනි යෝජනා කිසිදු අවස්ථාවක තමන්ට ඉදිරිපත් නොකරන ලෙසත් සිය මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබේ.
මීට අමතරව තමන් තවදුරටත් පක්ෂය ඇතුළේ සටන් මෙයෙවීමෙන් වැළකී සිටින බව කියා ඇති ඒ මහතා තමන්ට නිදහසේ පක්ෂයේත් පාර්ලිමේන්තුවේත් වැඩකටයුතු කරගෙන යාමට අවශ්‍ය බලය පක්ෂය විසින් ලබා දෙන්නේ නම් පමණක් ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකරන බවද ප්‍රකාශ කොට තිබේ.










