ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.
පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙම පෙත්සම් ගොනු කළහ.
රාජ්‍ය ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශ දෙකක් ජනාධිපතිවරයා සතුව තිබියදී වෙනත් අමාත්‍යාංශයක් සතු ආයතනයක් පවරා ගැනීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නොහැකි බවත්, එසේ කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසත් ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.