රටේ වගකිවයුතු විවිධ පාර්ශවයන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ෙලෙස තමන්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, තමා එසේ ජනාධිපතිවරණයට එනවා නම් එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් බවත් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.
ADVERTISEMENT
අද (17) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා පෙන්වා දෙන්නේ එජාපයේ සියලු පාර්ශ්වයන්ගේ ආශිර්වාදය ඇතොත් නම් පමණක් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඉතා කෙටි කාලයකට පමණක් ජනපති ධුරය දැරීමට තමන් සූදානම් බවත්ය.
කතානායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.