2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත රණවක මහතාට ඇප ලබා දීමට පියවර ගත් අතර සෑම ඉරිදා දිනකම කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමටද නියෝග කළාය.










