හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන කුමාරසිරි සිරිසේන මහතා තමන් මෙතෙක් දැරූ ටෙලිකොම් සභාපති තනතුරින් ඉවත් වීමට කටයුතු කොට ඇත.
2015 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා සිය සොහොයුරාව ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට පත් කළ අතර ඔහුගේ වැටුප සහ දීමනා මිලියන දෙකක් බව පසුව අනාවරණය විය.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම වැටුප ලක්ෂ 2 දක්වා පහත දැමීමට පියවර ගත් අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ ටෙලිකොම් සභාපති තනතුරින් ඉවත් වන ලෙසට ඔහුට ආණ්ඩුවෙන් දැනුම් දී තිබුණු බවකි.










