බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේ ලබා නොදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායකවරයා වෙත දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුව අද (07) දිනයේ රැස්වූ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය මහතා මේබව දැනුම් දී සිටියේය.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම ජවිපෙ නියෝජිතයන්ද, කෝප් කමිටු සාමාජිකයන්ද මීට පෙර ඉල්ලා සිටියේ බැදුම්කර සම්බන්ධයෙන් වූ මෙම වෝහාරික විගණන වාර්තාව හැකි ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලෙසටය.










