රුපියල් කෝටි 2ක, එනම් මිලියන 20ක අල්ලසක් ලබාගැනීමට අදාළ නඩුවේ චෝදනාවට ලක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පි. දිසානායක යන මහත්වරුන් එම චෝදනාවන්ට වැරදිකරුවන් බවට පත්කර වසර 20 සිරදඩුවමක් ලබා දීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කොට ඇත.
ඒ අනුව රුපියල් කෝටි 2ක අල්ලසක් ලබාගැනීමට අදාළ නඩුවේ චෝදනාවට ලක්ව සිටි හිටපු ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි අයි.කේ. මහානාමට වසර 20 ක සිර දඩුවම් සහ රුපියල් 65000ක දඩයක් නියම කළ අතර අල්ලස් වශයෙන් ගත් රුපියල් කෝටි දෙකක මුදල යළි රජයට ගෙවන ලෙස නියෝග කෙරිණ.
ඊට අමතරව චෝදනාවට වරදකරු වූ දැව සංස්ථාවේ හිටපු සභාපති පි. දිසානායකට වසර 12ක සිර දඩුවම් නියම කළ අතර රුපියල් 55000ක දඩයක් නියම කරනු ලැබීය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඇති අබලි යකඩ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය ලබාදීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී මොවුන් දෙදෙනා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක වාහන අංගනයක් තුළදී අත්අඩංගුවට ගනු ලැබූ අතර අල්ලස් හෝ දුෂණ කොමිසම චෝදනා 24ක් යටතේ මේ දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබිණ.










