හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වන බව දැනගන්නට තිබේ.
මේ දිනවල කතානායකවරයා විදෙස් සංචාරයක නිරතව සිටින අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළ වහා කතානායකවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව කතානායකවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් අද (19) දිනයේදී නිකුත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

මහාචාර්ය අශූ මාරසිංහ මහතා අදාළ අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදී චම්පික රණවක මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමට මීට පෙර කටයුතු කර තිබිණ.










