• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාබල් බීච් අක්කර 25කට සංචාරක සභාපතිනිය පැටලෙයි

July 13, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
මාබල් බීච් අක්කර 25කට සංචාරක සභාපතිනිය පැටලෙයි
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ මාර්බල්බීච් වෙරළාසන්නයේ රජයේ ඉඩමක් කිසියම් කෙනකුට (පෞද්ගලික) පවරාදීම සම්න්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නීතිමය උපදෙස් පැතීමට සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර ඇත.
යථෝක්ත භූමි කොටස සම්බන්ධව තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳාගැනීමට මැදිහත් වෙන වෙන ලෙසට පසු ගිය විසි පස් වැනිදා (2020.07.25) ශ්‍රී ලකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සිය අමාත්‍යාශයට යොමු කරන ලද ලිපියක් නිසා මෙසේ අමාත්‍යාංශය ක්‍රියා කිරීමට තීරණය කර ඇත.

“ගත වූ වර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලකා සංචාරක සංවර්ධන අධිකාරියට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති කටයුතු මෙතෙක් නිමා කෙරී නෑ. ඊට හේතුව මීට පෙර එම ඉඩම් අපේ අධිකාරිය විසින් භුක්ති විඳින ලද නැති නිසා පමණක් නොවෙයි. ඒ සම්බන්ධව නීතිමය ගැටලුත් තියෙන නිසයි. අනෙක් අතට මේ ඉඩම්වලින් ඇතැම් ඒවා ඒවායේ නියම හිමිකරුවන්ටම ආපසු දිය යුතුව තිබෙනවා” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හැහැදිලි කළේය.
දැනගන්නට ලැබෙන අන්දමට අර්බුදයට පාදක වී ඇති සිද්ධිය මෙසේය.
ත්‍රිකුණාමලයේ මාර්බල් බීච් වෙරළාසන්නයේ වපසරිය අක්කර විසි පහක (25) ඉඩමක් තිබේ. සංචාරක ආකර්ෂණීය ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයාගේ පාලනයට අයත්ය.
එම ඉඩම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු විසින් සිය සැමියා වන හෝටල් කර්මාන්තකරුවකු වන මලික් ප්‍රනාන්දු යන අයට සංචාරක හෝටලයක් ආරම්භ කිරීම සඳහා පවරා දීමට කටයුතු කරනු ලබන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පසු ගිය දින ගණනාක් තිස්සේ සංසරණය වූවේය.
මේ සම්බන්ධව “මව්රට” කළ විමසීමෙන් පසුව ශ්‍රී ලකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

මේ කරුණ සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට ගත් අවස්ථාවේදී “මේ ඉඩම මගේ සැමියා මිලදී ගැනීමට කටයුතු කරන නිසා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේ රැස්වීමට මම සිටින එක සුදුසු නෑ” කියමින් අධිකාරියේ සභාපතිවරිය සාකච්ඡාවට නොසිට ඉවත්ව ගියා.
ඉඩමට සම්බන්ධ පසුතලය
අක්කර විසි පහක (25) වපසරිය ඇති ඉඩම එක්දහස් නමසිය හැට අටේ (1968) සංචාරක සංවර්ධන පනත අනුව සංචාරක සංවර්ධන අධිකාරියට පැවරුණු බලතල පරිදි එම අධිකාරියට පවරා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව ත්‍රිකුණාමලයේ දිසා ලේකම්ද (දිසාපති) 1950 ඉඩම් පවරා ගැනීමේ පනත අනුව රාජකාරි ආරම්භ කර ඇත. එහෙත් කිසියම් අදෘශ්‍යමාන හේතූ සමුදායක් නිසා අපේක්‍ෂිත කාර්යභාරය (ඉඩම පවරා ගැනීම) ඉටු කර ගැනීමටද නොහැකි වී ඇත. එසේම කිසිම ඉල්ලුම්කරුවකුට හෝ කිසිම වන්දි මුදලක් හෝ ගෙවා නැත. මේ ඉඩම එක් දහස් නමසිය අසූ දෙකේ පටන් (1982) සංචාරක මණ්ඩලය සතු වුවත් ඉඩම සංචාරක කටයුත්තකට හෝ සංචාරක කර්මාන්තයට ඇඳුණු ව්‍යාපෘති කටයුත්තකට හෝ එදා මෙදාතුර යොදා නොගත් බවද අනාවරණය වී තිබේ.
ඉඩම පවරා ගැනීමේ කටයුත්ත සර්ව සම්පූර්ණව ඉෂ්ට සිද්ධ කර ගැනීමට නො හැකිවීමේ එක් කරුණක් නම් අදාල කාර්යයට අවශ්‍ය ලිපි ලේඛන සංචාරක මණ්ඩලය හෝ සංවර්ධන අධිකාරියේ හෝ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ (දිසාපති කාර්යාලයයේ) හෝ සොයා ගැනීමට නොතිබීමයි.
පොන්නයියා අයිතිවාසිකම් කීම
ත්‍රිකුණාමලයේ පදිංචි රොහාන් පොන්නයියා නමැති පුද්ගලයකු මෙන්න මේ අවස්ථාවේදී ඔන්න ඔය කියන ඉඩමේ අයිතිය තමාට ඇති බව කියමින් ඉඩම නීත්‍යනුකූලව නිදහස් කර ගැනීම සඳහා ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයෙන් අදාළ කටයුතු කර ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසරය ලබාදෙන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම උදෙසා ඉඩම තමාට අවශ්‍ය බවද ඒ ඉල්ලීමේ සඳහන් කර ඇත.
පොන්නයියා ඉඩම ඉල්ලීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේදී සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එවකට රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ කාර්යාලයේදීද කීපවරක්ම සාකච්ඡා කෙරුණ බවද වාර්තා වී තිබේ. යථෝක්ත කරුණ සම්බන්ධව අවසාන වරට සාකච්ඡාවක් පැවැත්වී ඇත්තේ පෙබරවාරි විසිඅට වැනිදා වර්තමාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත් මේ දක්වා ප්‍රස්තුත කරුණ (ඉඩම) පිළිබඳව අවසාන තීරණයක් නැති බව සඳහන් කරන සංචාරක සංවර්ධන අධිකාරිය මේ ස්ථානය සංචාරක කර්මාන්තය වෙනුවෙන් මාහැඟි (මහා අනර්ඝ) ස්ථානයක් බවද ඉල්ලුම්කරුගේ නම (රොහාන් පොන්නයියා) ඉඩමට සම්බන්ධ මිනුම්පතිගේ කිසිම වාර්තාවක කිසිම තැනක සඳහන් කර නැති බවද අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාවල සඳහන් කර ඇත. ඒ නිසා මේ ඉඩම් අයිතිය නීත්‍යනුකූල නියම උරුමක්කාරයින්ට නීත්‍යනුකූලව භාරදීමට අවශ්‍ය බැවින් මතුවී ඇති ගැටලු ලිහා ගැනීමට සහය අදාළ අමාත්‍යාංශවලින් අධිකාරිය ඉල්ලා ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාර්බල් බීච් ප්‍රදේශයේ ඉඩමට අදාළ සියලු විස්තර දක්වා වාර්තා සහ ලියකියවිලි සමග ඉඩම් කැබලි අංක දෙසිය අසූහය (286) පිඹුරේ අවසාන ගම් පිඹුරේ අංක විසිහය (26) කොටස සමග ඉදිරිපත් කර ඇත.
ඩිල්මා ලිපිය
ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දුගේ සැමියා වන සංචාරක හෝටල් කර්මාන්ත හිමිකරුවකු වන මලික් ප්‍රනාන්දු යන තමාටත් තම බිරියටත් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් මේ අතරතුරේදී සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරි හෙට්ටිආරච්චි මහතාට ඉදිරිපත් කර ඇත.
ඩිල්මා සුඛෝපභෝගී හෝටලය ඇත්තේ ත්‍රිකුණාමලයේ මාර්බල් බීච් ප්‍රදේශයේ නොවන බවද එම ඉඩම කිසිදාක රජය සතුව තිබූ එකක් නොවූ බවද තමා එම ඉඩම දෙදහස් දාහත (2017) වර්ෂයේදී පෞද්ගලික හිමිකරුවකුගෙන් මිලට ගත්තක් බවද ලියුම්කාර මලික් ප්‍රනාන්දු ලිපියේ සඳහන් කර ඇත.

ඉඩම මිලට ගැනීමට යාමේ දී තම නීතිඥවරයා විසින් ඉඩමේ විස්තර සොයා බලනු ලදුව දැනට වර්ෂ පනහකට (50) පමණ පෙර එනම් එක් දහස් නමසිය හැත්තෑ අටේදී (1978) නිකුත් කළ ගැසට් නිවේදනයක රජය සංචාරක මණ්ඩලයට ඉඩම පවරා ගැනීමට කටයතු කර ඇති බව තම නීතිඥයා විසින් අනාවරණය කර ගත් බවද ලිපියේ සඳහන් කර තිබේ. එතකුදු වුවත් ඉඩම සංචාරක මණ්ඩලයට පවරා ගැනීමේ කටයුතු අතර මග නැවතී ඇති බවද වැඩි දුරටත් දක්වා තිබේ. යම් හෙයකින් ඉඩම සම්බන්ධයෙන් කිසියම් කෙනකුට කිසියම් ගෙවීමක් කරන්නෙක් නම් ඊට පෙරාතුව ගෙවීම සම්බන්ධ ලිපියක් තම නීතිඥයාට අවශ්‍ය බවද ලිපියේ පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දුගේ සැමියා වන සංචාරක හෝටල් ව්‍යාපාර හිමි මලික් ප්‍රනාන්දු යන අය යථෝක්ත ඉඩමේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එම ව්‍යාපෘතිය වසර තුනකින් (3) අධිකාරිය විසින් ප්‍රමාද කරනු ලැබ තිබේ.
මේ සියලු චෝදනා තමාටත්, තම බිරියටත් සමාජ මාධ්‍යවලින් එල්ලකරන්නේ මඩ ගහන්නට බවත්, ආණ්ඩුව දුෂ්කරතාවට පත්කිරීමට බවත්, ගෝලීය ත්‍යාග දිනාගත් සෙසු ඩිල්මා සංචාරක හෝටල් සේම ත්‍රිකුණාමලයේ හෝටල් ව්‍යාපෘතියද ඉදිකරන බව මලික් ප්‍රනාන්දු අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
අපේ රටට ආදායම් ලැබෙන මාර්ග අතරින් සංචාරක කර්මාන්තයට අද්විතීය තැනක් හිමිවන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
ඒ හාම ඍජුව සහ වක්‍රව උත්පාදනය වන රැකියා අවස්ථාද සුළුපටු නොවේ. විදේශිකයනට කඩල ගොට්ට, තැම්බූ බඩ ඉරිඟු කරල විකුණා බොහෝ දෙනා පවුලේ එදාවේල පිරිමසා ගන්නේද සංචාරක කර්මාන්තයට පින් සිදුවන්නටය.
මේ වසරේ (2020) සංචාරක ඉලක්කය විසි ලක්‍ෂයක් (20,00,000) බවට ඇස්තමේන්තු කර තිබුණත් කොරා්නා මාරයා ඒකටත් වළ කැපුවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළත් සෞඛ්‍ය සහ පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේත් සෙසු සියලු අංශවලත් කැපවීම නිසා තත්ත්වය මර්දනය සමනය කර ගැනීමට ලැබීම අප කාගේත් භාග්‍යයකි. ඉදිරියේදී යහදායක පසුබිමක් ඇති වූ විට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වනු ඇත.
ඒ සඳහා ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා තිබිය යුතුවේ. එහෙත් ඒ සඳහා ඇප වී කැප වී පේවී සිටිය යුතු සංචාරක අධිකාරිය වැනි ආයතනවල කටයුතු නම් එතරම් හිතකර නොවේ.
ත්‍රිකුණාමලයේ මාර්බල් බීච් ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියද ආරවුල් සහිතය. යාල පලටුපාන ප්‍රදේශයේ ඉදිකෙරෙන්නට සියල්ල නිමා කර තිබූ ව්‍යාපෘතිය මග නැවතී ඇත. දැන් එය අධිකරණ ක්‍රියාමාර්ගයට ගොස් තිබේ.
ත්‍රිකුණාමලයේ සහ පලටුපානේ මේ ව්‍යාපෘති දෙකටම හරහට සිටින්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සහ ඇගේ සැමියා වන මලික් ප්‍රනාන්දු බවට වෝදනා නැගී තිබේ.
අධිකාරියේ සභාපතිනි නීතිරීතිවලට පටහැනිව පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා එසේ ක්‍රියා කරන බව කියයි. මේ පිළිබඳව බලධාරීන් නිහඬ නම් කෙරෙන මහජන දේපොළ හානිය ගැන මහජනතාවට කියන්නට ඇත්තේ දෙවියන්ට පමණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සජිත් පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි: කතා විකෘති නොකරන ලෙස ඉල්ලයි: MCC ගැන තීන්දුවත් කියයි

Next Post

සැහැල්ලු දුම්රිය ජපන්-ලංකා අර්බුදයක් වෙයිද?

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.