සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සන්ධානය බිහි කිරීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසී සාකච්ජා කිරීමට පියවර ගත්තේය.
අද (13) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ මෙම හමුව පැවැත්විණ.
මෙහිදී ප්‍රේමදාස මහතා රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු තළේය.
මේ වනවිට කොරෝනා වයිරසය නැවත හිස ඔසවමින් පවතින බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා දෙවැනි රැල්ල භයානක නම් ජනජීවිත අවදානමේ නොහෙලා වහාම මැතිවරණ දිනය කල් දමන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ පාර්ශ්වයන් ජන්ද ප්‍රචාරක රැස්වීම් දින 3කට අත්හිටුවන බව කියා සිටියද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත්, රැස්වීම් අත්හිටුවන ලෙස කීම අසාධාරණ බවත් ඒ මහතා කීය.
එමෙන්ම තමන් බලයට පත්වු වහාම පැය 24ක් ඇතුළත එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කී ප්‍රේමදාස මහතා ආණ්ඩුව විවිධ හේතු කියමින් එය කල්මරමින් සිටින්නේ පසුව අස්සන් කිරීමේ අදහසින් බවද කියා සිටියේය.
මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන්ගෙන්ද ඉල්ලීමක් කළේය. ඒ, විපක්ෂයේ කතා විකෘති කොට පළ කිරීමෙන් වැළකී සිටින ලෙසය.
ඇතැම් මාධ්‍ය අද ‘කට් ඇන්ඩ් පේස්ට්’ මාධ්‍යකරණයක් භාවිත කරමින් විපක්ෂයේ කතා විකෘති කොට පළ කරන බවත්, එය විපක්ෂයට සිදුකරන මහතා අසාධාරණයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තමන් කිසිදු දිනෙක මාධ්‍යට තහංචි නොදමන බව කී ඒ මහතා සාධාරණව කටයුතු කරන ලෙස මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.








