• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද රාජ-පක්ෂය (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

August 8, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
මහින්ද රාජ-පක්ෂය (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)
Share on WhatsAppShare on Facebook

2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු අගමැති සටනින් පැරදිලා සිටි මහින්දට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනාවක් ආවේය. එම ආරාධනාවෙන් කියැවුණේ අලුත් අගමැතිවරයා විදිහට රනිල් දිවුරුම් දෙන උත්සවයට සහභාගි වෙන්න කියාය. ජනාධිපතිවරණයෙනුත් පැරදිලා, මහ මැතිවරණයෙනුත් පැරදිලා හෙම්බත් වෙලා හිටියත් මහින්ද ඒ කිසිවක් ගාණකට නොගෙන රනිල් දිවුරුම් දෙන උත්සවයට යන්න තීන්දු කළේය. එහෙම තීන්දු කරල ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා උත්සවය ආරම්භ වන තෙක් මහින්ද ඇතුළේ තිබූ සෝෆාවක වාඩිවී සිටියේය. ජනාධිපති ලේකම් කාර්යාලය යනු මහින්දට ආගන්තුක තැනක් නොවේ. මහින්ද යටතේ සේවය කළ බොහෝ සේවක සේවිකාවන් ඒ වනවිටත් එහි සේවය කරමින් සිටියහ. ඒ අනුව මහින්ද සෝෆාවේ අසුන්ගෙන සිටින ගමන්ම එහි සිටි සේවකයකුගෙන් බීමට වතුර වීදුරුවක් ඉල්ලා සිටියේය. තමන් දන්නා හඳුනන බොහෝ සේවක සේවිකාවන් එහි සිටියත් ඒ වෙලාවේ මහින්දට කවුරුවත් බොන්න වතුර වීදුරුවක් ගෙනාවේ නැත. රනිල් දිවුරුම් දෙන උත්සවයට මහින්ද කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව සහභාගි වුණේ මේ අපහාසකම්, මදිපුංචිකම් විඳ දරාගෙනය. ඒ ගිහින් මෛත්‍රිටත්, රනිල්ටත් කිසිම පැකිලීමකින් තොරව ආයුබෝවන් කියා ආචාර කරන්නටත් මහින්ද කටයුතු කළේය.
“අපරාදෙ මහින්ද එතැනට ගියේ. මෙච්චර මදිපුංචිකම් කරද්දිත්, මෙච්චර කෙණෙහිලිකම් කරද්දිත් මහින්දට තිබ්බෙ එතැනට නොයා ගෙදරට වෙලා ඉන්න”
මහින්දගේ හිතවතුන් එදා මහින්දට කීවේ එහෙමය.
ඇත්තම කියනවා නම් මහින්ද ඒ වෙනකොටත් හිටියේ මානසිකව හොඳටම වැටිලාය. මොකද ඒ වෙද්දිත් මහින්ද සිටියේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වය. මහ ඡන්ද සටනේදී අගමැතිකම පෙනි පෙනී තිබුණත් ඡන්දෙට දින කිහිපයක් තියා මෛත්‍රිපාල ශ්‍රීලනිප නායකයා වශයෙන් පිටිපස්සෙන් ඉඳන් දෙවැනි වතාවටත් කකුල් මාට්ටු දමමින් ‘මහින්ද දින්නත් අගමැතිකම දෙන්නෙ නෑ‘ යනුවෙන් කරපු ප්‍රකාශය නිසා මහින්ද හිටියේ බිමටම පතබෑවිලාය. මෛත්‍රි ප්‍රසිද්ධියේ ඒ කතාව නොකිව්වා නම් මහින්දට කිසි ගැටලුවක් නැතිව එදා අගමැති පුටුවේ වාඩිවෙන්නට හැකියාව තිබිණි. නමුත් මෛත්‍රි මහින්දට හිතවත් පක්ෂයේ මහලේකම්වරුන් ඉවත් කර ‘මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ‘ යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා මහින්ද නැවැත වතාවක් පරාජයට පත්විය. මහින්ද දිවුරුම් දීමේ උත්සවයට ගියේ ඒ සියල්ලමත් හිතේ තියාගෙනය.
අගමැතිකම නොලැබුණත් මහින්ද හිතන් හිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩිවෙලා විපක්ෂ නායක ධුරය අරගෙන ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින්නටය. නමුත් මෛත්‍රි ඒ වෙලාවේ මහින්දට විපක්ෂ නායක ධුරයවත් දුන්නේ නැත. එසේ නොදී මහින්දව නිකම්ම නිකම් මන්ත්‍රි කෙනකු ගාණට දැම්මේය. පාර්ලිමේන්තුවේ කාර්යාලයක්වත් මෛත්‍රී මහින්දට දුන්නේ නැත.
මෙහෙම කෙණෙහිලිකම් කරන අතරවාරයේ මෛත්‍රි – රනිල් තරගෙට මෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හිරේ විලංගුවේ දාන්න කටයුතු කළේය. නාමල්ට, යෝෂිතට හිරබත් කන්න සිදුවිය. බැසිල්ට හිරගෙදර ලගින්න සිදුවිය. මෛත්‍රිත්, රනිලුත් හිතුවේ මේ ගහන ගැහිල්ලට මහින්ද දේශපාලනය අතහැරල දාල හම්බන්තොටට දුවයි කියලාය. හැබැයි මහින්ද එහෙම ගහන ගැහිලි හමුවේ ඔක්කොම අතහැරල දාලා රනිල්ලට, මෛත්‍රිලට බයේ පැනල ගියේ නැත. “ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට – මහණකමත් බණ දහමත් එයයි මට” යනුවෙන් එස්. මහින්ද හිමි ලිව්වා වගේ මහින්දත් හිතුවේ මොන ගැහිලි ගැහුවත් දේශපාලනයෙන් තොර ජීවිතයක් තමන්ට නැතැයි කියාය. ඔක්කොම ගැහිලි මහින්ද නිහඬවම දරා සිටියේ ඒකය.
හැබැයි මෛත්‍රිපාල යටතේ ශ්‍රීලනිප සාමාජිකයකු ලෙස සිටියහොත් තවදුරටත් රටේ රාජපක්ෂලාට දේශපාලනයක් නොමැති බව වටහා ගත් එක් අයකු මේ අතර සිටියේය. ඒ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය. තවදුරටත් ශ්‍රීලනිපය සමඟ දේශපාලනය කිරීමට ගියහොත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවර වෙනවා පමණක් නොව එජාපය ඊළඟ ජනාධිපතිවරණය දිනා අවුරුදු ගණනාවකට ආණ්ඩු කරන බවත් බැසිල් තේරුම් ගත්තේය. මහින්දව ශ්‍රීලනිපයෙන් එළියට ගන්නට බැසිල් පොහොට්ටුව හැදුවේ ඒ හින්දාය. ඒ වෙලාවේ ශ්‍රීලනිප උදවිය පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප්‍රබලයන් පවා කියා සිටියේ මහින්ද යූ.ඇන්.පී.යට කඬේ යන බවත්, ශ්‍රීලනිපය දෙකට කඩන්නට කටයුතු කරන බවත්ය.
2018 පුංචි ඡන්දයට බැසිල් පොහොට්ටුව තනි පක්ෂයක් ලෙස අරන් ගියේ එළියෙනුත්, ඇතුළෙනුත් ආ මේ ගැහිලි මැද්දේය. ඒ ඡන්දෙදි බැසිල් මහින්දත් එක්ක එක්ව ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් පරාජයට පත් කර පුංචි ඡන්දයකදී විපක්ෂයක් ජයග්‍රහණය කර පෙන්නුවේය. හැමෝගෙම ඇස් ඇරුණේ මේ ජයග්‍රහණයෙන් පස්සේය. බැසිල් ඒකෙන් පෙන්නුවේ මොන තරම් ගැහුවත් මේ රටේ ජනතාව රාජපක්ෂවරුන්ට දක්වන ආදරය කවදාවත් නැති වන්නේ නැතැයි කියාය.
හැබැයි මේ ජයග්‍රහණයෙන් උදම් වෙලා මහින්ද 2018 දී සිය උපදේශකයන්ගේ හොඳ දිරච්ච ලණුවක් කෑවේය. ඒ, 2018 ඔක්තෝබර් මාසයේදී මෛත්‍රිපාලත් එක්ක යළිත් ආණ්ඩු හදා අගමැතිකම් ගන්න තීන්දු කිරීමෙනි. එහිදී මහින්ද අගමැතිකමේ දිවුරුම් දී ඇමැති මණ්ඩලයකුත් හැදුවේය. හැබැයි මහින්දට ඒ අගමැතිකම අල්ලන් ඉන්න පුළුවන් දවස් 52ක් විතරය. පාර්ලිමේන්තුව ඇතුළේ විශ්වාසභංගයකිනුත් පරාජය වී උසාවියෙනුත් පරාජයට පත්වී මහින්දට ගෙදර යන්න සිදුවිය. ඒ වෙලාවෙත් මහින්දට එජාපයේත්, ජාත්‍යන්තරයේත් නොසෑහෙන්න අපහාස උපහාසවලට මුහුණදෙන්න සිදුවිය. එජාපය මහින්දට ගැහුවේ පස්සෙ දොරෙන් ආපු ‘පිං අගමැති‘ කියාය.
මේ සිදුවීමෙනුත් පසු හැමෝම හිතුවේ මහින්දලාගේ දේශපාලනය ඉවර යැයි කියාය. ආයිමත් මහින්දලාට රටේ බලයක් ගැනීමට නොහැකි වනු ඇතැයි කියාය. මහින්දට ලැබුණු අවස්ථා සියල්ලම ඉවර කරගත්තා යැයි කියාය. අන්තිම මොහොතේ ලැබුණු අගමැතිකමවත් ආරක්ෂා කරගන්න මහින්දට නොහැකි වූවා යැයි කියාය. ඒ වන විටත් මහින්ද අවුරුදු 75ට ආසන්න වී සිටි බැවින් තව ටික කාලයකින් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවරෙටම ඉවර යැයි කියාය.
හැබැයි බැසිල් ඒකට ඉඩ තිබ්බේ නැත. බැසිල් ආයිමත් මහින්දව එකතු කරගෙන 2019 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී. එකට යන්න තිබුණු ජනාධිපතිකම ගෝඨාට අරන් දෙන්න පියවර ගත්තේය.
මේ විදිහට මහින්ද ගෝඨාව ජනාධිපති කළාට පසුවත් බොහෝ දෙනා කියන්න ගත්තේ ලක්ෂ 69ක ජනවරම ලැබුණේ ගෝඨාභයට යැයි කියාය. දැන් මහින්දට ජනවරමක් නැතැයි කියාය. මෙතැනින් එහාට මහින්දගේ දේශපාලනය ඉවර යැයි කියාය. මහින්දට මහ ඡන්දයේදී මනාප විශාල වශයෙන් අඩුවනු ඇතැයි කියාය. ගෝඨාට වැටුණු ඡන්ද 69 ලක්ෂයවත් ආරක්ෂා කරගැනීමට මහින්දට නොහැකි වනු ඇතැයි කියාය. මහින්ද දැන් වයසයි යැයි කියාය. වෙනකක් තියා මහින්ද අත්වැට අල්ලාගෙන පඩිපෙළක් නඟින ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් විපක්ෂය මඩ ගැහුවේ මහින්දට දැන් හැරමිටියක් නැතිව ඇවිදින්නවත් බැහැ යැයි කියාය. ඡන්දය පරදින බව දැන දැන වේදකාවේදී සජිත්ට දරුණු ලෙස පහර දෙන්න පටන් අරන් යැයි කියාය.
හැබැයි මහින්දට දැන් 75 පැනල වුණත් තමන් තවමත් දේශපාලනයෙන් ඉවර නැති බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලවලින් මහින්ද රටටම පෙන්නුවේය. ඒ විතරක් නොව රනිල් 2015 කොළඹින් 500,566ක් අරගෙන තියල තිබ්බ මනාප වාර්තාව කුරුණෑගලින් 527,364ක් අරගෙන අලුත් කරන්නටද මහින්දට හැකි විය. එපමණක් නොව 2019 ගෝඨා ගත්ත ලක්ෂ 69 ඊට මාස අටකට පසු යළිත් රැගෙන පෙන්නන්න මහින්ද සමත් විය.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් පවත්වා ඊට මාස ගණනාවකට පසුව පවත්වන මහ මැතිවරණයේදී ලක්ෂ 10ක්, 15ක් ඡන්ද අඩු වීම ලංකාවේ ඡන්ද සූත්‍රයය. මහින්ද 2010 යුද්ධය දිනල ජනාධිපතිවරණයත් දිනාගෙන පීක් එකේ ඉඳගෙන තිබ්බ මහ ඡන්දෙදි ගන්න පුළුවන් වුණේ ආසන 144කි. මහින්ද එතැනදි 2/3 ලබාගත්තේ අනෙක් පක්ෂවල අය අරගෙනය. 1999 චන්ද්‍රිකා ජනාධිපතිවරණය දිනල මාස කිහිපයක් පහුවී මහ ඡන්දෙට ගිය විට චන්ද්‍රිකාට අඩුම තරමින් ආසන 113ක්වත් අරගන්න ලැබුණේ නැත. මෛත්‍රි 2015 ජනාධිපතිවරණය දිනල මාස අටකට පසු මහ මැතිවරණයට ගියාම රනිල්ට ගන්න පුළුවන් වුණේ ආසන 106කි.
ලංකාවේ මේ ඡන්ද සූත්‍රය මහින්ද මෙවර කැඩුවේ ලංකාවට කොරෝනා ඇවිත් ආර්ථිකයයි, රටේ ජන ජීවිතයයි උඩු යටිකුරු කරලා තිබියදීය. රටේ ජනතාවගේ රස්සා නැතිවෙලා තිබියදීය. බඩු මිල පිම්මේ ඉහළ ගොස් තිබියදීය.
ඒ සියල්ල මැද්දෙදිත් මහින්ද 2010 ගත්ත ආසන 144ට වඩා එක ආසනයක් වැඩියෙන් අරගෙන ආසන 145ක් මෙවර මහ මැතිවරණයේදී දිනාගෙන පෙන්වූයේය.
මේකෙන් පේන්න තියෙන්නේ ඔක්කොම වට කරගෙන මහින්දට පන්න පන්න ගැහුවත් මහින්දව ඉවර කරන්න සමත් ජගතෙක් තවමත් ඉපදිලා නෑ කියන එකය. කොටින්ම කියනවා නම් මහින්ද කියන්නේ ලංකාවේ දේශපාලකයෙක්ටත් වඩා තනි දේශපාලන පක්ෂයක් යැයි කිව්වොත් ඒකෙත් වැරැද්දක් නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සජිත් අද මාධ්‍ය හමුවක් තබා කරන්න යන දේ රටට කියන්න යයි

Next Post

අතරමග නතර නොවී ගෙයක් හදන විදිහ

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.