• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අයිති කාටද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
මහින්ද අයිති කාටද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘මහින්දව කවුද හැදුවේ…?’

‘මහින්ද බලයට ගෙනාවේ කවුද…?’

‘මහින්ද අයිති කාටද….?’

මේ, මේ දිනවල හැම පැත්තෙන්ම ඇහෙන කතාවකි.

“2015 මහින්ද සුළඟින් තමයි මහින්ද රාජපක්ෂ හැදුනෙ…”

“මහින්ද ආයිමත් බලයට ආවෙ ඒකෙන්…”

සමහරු එහෙමත් කියති.

හැබැයි මෙහෙම කියන කවුරුත් නොදන්නා, කවුරුත් කතා නොකරන අමාරුම කාලයක් මහින්දට තිබිණ. ඒ අමාරු කාලය 1994 සිට 2005 දක්වා වූ චන්ද්‍රිකාගේ පාලන සමයය.

චන්ද්‍රිකාගේ කාලයේදී මහින්දව විනාශ කරන්න කුමන්ත්‍රණ දියත් වුණේ එළියෙන් හෝ විපක්ෂයෙන් නොව ආණ්ඩුව ඇතුළෙන්මය. මහින්දව විනාශ කරන ඒ ආණ්ඩුව ඇතුළෙන්ම දියත් වූ කුමන්ත්‍රණයට එදා නොමද සහායක් ලබාදුන්නේ වෙන කවුරුවත් නොව විමල්ගේ ජේවීපී එකය. ඒ කාලෙ හැමදාම විමල්ගේ ජේවීපී එක මහින්දට එරෙහිව හම්බන්තොට පෙළපාළි ගියහ. විරෝධතා පැවැත්වූහ. බෝඩ් ඉස්සූහ. විමල්ගේ ජේවීපී එකට මේ විරෝධතා සංවිධාන කරන්න ඒ කාලේ ජනාධිපතිනි වූ චන්ද්‍රිකාගෙනුත්, චන්ද්‍රිකාගේ අගසව්වකු වුණු මංගලගෙනුත් ලැබුණේ නොමද සහායකි. ආශීර්වාදයකි.

ඒකට චන්ද්‍රිකා හම්බන්තොටින් මහින්දට එරෙහිව රාජපක්ෂ පවුලේම සාමාජිකාවක වූ නිරූපමා රාජපක්ෂත්, නිරූපමාගේ සහෝදරයාත් දේශපාලනයට අරගෙන ආවේය. ඒ වෙන මොකකටවත් නොව 2000 මහ ඡන්දයෙන් මහින්ද පාර්ලිමේන්තු එන එක වළක්වාගන්නය. ඒ විතරක් නොව ඒ කාලය ඇතුළතදී මහින්දගේ කකුලෙන් ඇදීම්, හිරිහැර කිරීම්, කෙණහිලිකම් කිරීම් අප්‍රමාණව සිදුවිය. මේ විදිහට චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම මහින්දට වට කරගෙන ගහද්දී මහින්දව බේරගන්න හිටියේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු ප්‍රමාණයකි.

මංගලගේ මැදිහත් වීමෙන් විමල්ගේ ජවිපෙත්, ශ්‍රීලනිපය සමඟ එකතු වී එදා පරිවාස ආණ්ඩු ගහද්දී ඒ සියලු දෙනාගේම පොදු හතුරා වූයේ වෙන කවුරුවත් නොව මහින්දය.

2001 මහ ඡන්දයෙන් පැරදී ශ්‍රීලනිපය විපක්ෂයට විසිවූ විට සියලු දෙනාම කියා සිටියේ විපක්ෂ නායකකම මහින්දට දිය යුතු යැයි කියාය. ශ්‍රීලනිපය ඇතුළේ මහින්දව විපක්ෂ නායකකමට ඉල්ලා විශාල හඬක් නැඟෙද්දී මංගල ඒ හඬ යටපත් කළේ විමල්ව අල්ලාගෙන ජවිපෙ සහාය අරගෙනය. අන්තිමේදී විපක්ෂ නායකයා ලෙස පත්වුණේ මහින්ද නොව රත්නසිරි වික්‍රමනායකය.

නමුත් මහින්දට විපක්ෂ නායකකම ලබාදිය යුතු බවට පක්ෂය ඇතුළෙන් එල්ලවූ දැඩි බලපෑමට හිස නැමීමට චන්ද්‍රිකාටත්, මංගලටත් සිදුවිය. ඒ අනුව මහින්දට විපක්ෂ නායකකම දුන්නත් කකුලෙන් ඇදිලිවල සීමාවක් නොවීය.

“මහින්ද කරන්නේ රනිල්ගේ කොත්ත්‍රාත් ඉටු කරන එක.”

මේ එදා මංගලත්, විමලුත්, ශ්‍රීපතිත් ඇතුළේ ඉඳගෙන මහින්දට දිගටම ගහපු චෝදනාවය. මොකද මේ අයට උවමනා වී තිබුණේ මහින්දව රනිල්ගේ බෙල්ලේ එල්ලා ශ්‍රීලනිපය ඇතුළේත්, රට ඇතුළේත් මහින්දව ඉවරයක් කරන්නටය. අන්තිමේදී චන්ද්‍රිකා, මංගල, විමල්ගේ ජවිපෙත් සමඟ සන්ධාන ආණ්ඩු හදන්න ගිවිසුම් ගැහුවේ මංගලටත් හංගලාය. චන්ද්‍රිකා ඒ සන්ධානය ගහලා පාර්ලිමේන්තුව විසුරුවා හරිනකම් මහින්ද හාන්කවිසියක්වත් ඒ ගැන දැන සිටියේ නැත. ඒ මහ ඡන්ද සටනේදී අගමැති අපේක්ෂකත්වය මහින්දට ලබාදෙන ලෙසට දිගින් දිගටම පක්ෂය ඇතුළෙන් ඉල්ලීම් ආවත් චන්ද්‍රිකා ඒක සත පහකට ගණන් ගත්තේ නැත.

2004 මහ ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති ලෙස පත්කළ යුත්තේ කවුරුන්දැයි කියා විමසූ විට පක්ෂය ඇතුළෙන් ආවේ මහින්දගේ නමය. හැබැයි චන්ද්‍රිකා මහින්දට අගමැතිකම දුන්නේ නැත. ඒ වෙනුවට චන්ද්‍රිකා විමල්ගේ මැදිහත් වීමෙන් ජවිපෙ ලවා තමන් වෙත ලිපියක් ලියා ගැනීමට සමත් වූවාය. ඒ ලිපියෙන් ජවිපෙ කියා තිබුණේ අගමැතිකම මහින්දට ලබානොදිය යුතු බවත්, අනුර බණ්ඩාරනායකට අගමැතිකම ලබාදිය යුතු බවත්ය. ජවිපෙ සැලැසුම වී තිබුණේ අනුරට අගමැතිකම ලබාදී ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුරව නම්කර ගන්නටය.

හැබැයි චන්ද්‍රිකාගේත්, විමල්ගේ ජවිපෙත් මේ ගේම් එක ආපිට කැරකුණේ හෙළ උරුමයේ සහයෝගය තමන්ට ලැබෙන බවට මහින්ද කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් අනතුරුවය. ඒ අනුව මහින්දට අගමැතිකම ලබාදීමට චන්ද්‍රිකාට සිදුවිය.
එමෙන්ම 2005 ජනාධිපති අපේක්ෂකත්වය ලබාගන්නටවත් විමල්ගේ ජවිපෙය මහින්දට තඹ දොයිතුවක උදව්වක් කළේ නැත. ඒ සඳහා මහින්දට සහයෝගය ලබාදුන්නේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ෆවුසි ඇතුළු ශ්‍රීලනිපයේ සිටි ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරුන් පිරිසකි. තිරය පිටුපස සිටිමින් ඒ මෙහෙයුම දියත් කළේ වෙන කවුරුවත් නොව බැසිල්ය. බැසිල්ගේ සහායට සිටි අනෙක් කෙනා වූයේ කරුණාජීවය.

මීට අමතරව විමල් සමඟ කතාකොට බැසිල් මහින්දට ජවිපෙ සහාය ලබාදීමටද පියවර ගත්තේය.

ඊළඟට ජනාධිපතිවරණයේදී උතුරු නැඟෙනහිර ඡන්ද වැටුණොත් නියත වශයෙන්ම මහින්ද පරදින බව දැන සිටි බැසිල් උතුරේ ඡන්ද වර්ජනය කරන තැනට මෙහෙයුමක් දියත් කළේය.

ඒ නිසා ඒ වෙලාවේ මහින්දට අපේක්ෂක්තවය නොලැබුණා නම් අද මහින්ද හැදුවා කියන කවුරුත් නැත. ඒ විතරක් නොව මහින්දත් දේශපාලනයේත් නැත.

ඒ අතින් බලද්දී මහින්දව හැදුවේ වෙන කවුරුවත් නොව මහින්දමය. මහින්දට අයිතිවාසිකම් කියන්න කාටවත්ම බැරිය.

2015 ජනාධිපතිවරණ සටනින් පැරදී මහින්ද තංගල්ලට ගොස් සිටියදී මහින්ද සුළඟ හරහා මහින්ද යළිත් දේශපාලනයට පැමිණි කතාව හරිය. හැබැයි ඒ වෙලාවෙත් මහින්ද දේශපාලනයට එන්න බෑ කියා කීවා නම් අදටත් මේ රටේ තියෙන්නේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවකි. එහෙනම් අද මහින්දව අයිති කරගන්න දඟලන, කෑගහන අයට වෙන්නේ විපක්ෂයට වී හුළං බොන්නටය. ඒ නිසා යළි දේශපාලනයට පිවිසෙන තීන්දුව ගත්තේද වෙන කවුරුවත් නොව මහින්දමය. මහින්දට උරුමකම් කියන්නට කාටවත්ම අයිතියක් නැති බව අපි කියන්නේ ඒකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

එන්නත් ලක්ෂ 45ක් මේ මාසේ අන්තිම එනවා

Next Post

හැම දේටම උත්තර දෙන්න යන්න ඕනෑ නෑ: මහා සංඝරත්නයෙන් ජනපතිට උපදෙස්

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.