ඉදිරියේදී සිදුකෙරෙන බැදුම්කර සහ කොටස් ගනුදෙනුවලදී 2015ට පෙර සිටි මූල්‍ය ගැනුම්කරුවන් සමගම සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ඒ අනුව ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මූල්‍ය වෙළෙදපොළ තුළ ආණ්ඩුව සමග මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සමීපව කටයුතු කළ ගැනුම්කරුවන් සමග නැවත වතාවක් කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.
රටේ සාර්ව ආර්ථික මූලධර්ම ස්ථාවර වූ පසු මෙම ආයෝජකයින්ට නැවත වෙළඳපොළට පැමිණීමට අවශ්‍ය වනු ඇති බව අගමැතිවරයාගේ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කොට ඇත.
2015න් පසු සිදුවූ බැදුම්කර ගනුදෙනුවලදී ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










