බස්නාහිර පළාතේ පාතාල සාමාජිකයන් 400ක් හදුනාගෙන ඇති බවත්, පාතාල කල්ලි 25කට සම්බන්ධව ඔවුන් කටයුතු කරන බව හදුනාගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මින් බරපතළ ඝනයේ පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනකු හදුනාගෙන ඇති බවත්, ඔවුන්ට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.
මීට අමතරව පාතාල කල්ලි සාමාජිකයන් 130 දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්ය.
ඝාතන, පැහැරගෙන යාම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම ඇතුළු බරපතළ ඝනයේ චෝදනා මෙම පිරිස් හට එල්ල වී ඇති බවද පැවසේ.










