කෙටුම්පත් කරන ලද 20 වැනි සංශෝධනය ආණ්ඩුව විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හට මෙම සංශෝධනය ඔස්සේ උප අගමැති ධූරයක් හිමිවනු ඇති බව එම පාර්ශ්වයෙන් කියැවුණද අදාළ සංශෝධනයේ එවැනි කිසිදු වගන්තියක් ඇතුළත්ව නොමැත.
මීට අමතරව 19 වැනි සංශෝධනයෙන් හදුන්වා දුන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට වූ වගන්තිය මෙම සංශෝධනය මගින් ඉවත් කොට ද්විත්ව පුරවැසියන්ටද පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි බවට වගන්තියක් ඇතුළත් කොට ඇති බව පැවසේ.
නීතිපතිවරයාගේ අනුමැතිය 20 වැනි සංශෝධනයට හිමිවීමෙන් පසු එය කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව සැප්තැම්බර් මැද වන විට මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.