නියමිත කාලයට වී වගාවට ඉසීම සදහා අවශ්‍ය පොහොර නොලැබී යාමෙන් රට පුරා වගා කොට ඇති කුඹුරු අක්කර දහස් ගණනක ගොයම විනාශ වී යාමේ දැඩි අනතුරක් පවතින බව ගොවි ජනතාව පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අස්වැන්න මෙවර විශාල වශයෙන් පහත වැටිය හැකි බවකි.
එමෙන්ම විද්වතුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ආහාර හිඟයක් නුදුරු අනාගතයේ මතුවිය හැකි බවත්, ආහාර මිල විශාල වශයෙන් ඉහළ යා හැකි බවත්ය.










