අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 780ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත්, එය එළඹෙන අගොස්තු – සැප්තැම්බර් මාස වනවිට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සඳහන් කරයි.
මෙය ණය පහසුකමක් නොවන බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන සෑම රටකටම හිමි වන ප්‍රමාණයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
‘රජය කිසිදු තීරණයක් අරගෙන නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කටයුතු කරගෙන යනවා ආර්ථික තත්ත්වය ගැන විමසීම වැනි තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීමට’ යැයි ආචාර්ය අමරසේකර සඳහන් කර සිටියේය.










