ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ ඝෘජුවම නිරතව සිටින්නේ පොලිස් නිලධාරීන් 10,000කට අඩු පිරිසක් බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
ජනාධිපති ආරක්ෂක අංශයේ වැඩි පිරිසක් හමුදාව නියෝජනය කරන බැවින් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි සේවයේ නිරතව සිටින්නේ 500කට අඩු පිරිසක් බවත්, අගමැති ආරක්ෂක අංශයේ සිටින්නේ 1000කට අඩු පිරිසක් බවත් එම ආරක්ෂක අංශ තොරතුරු සදහන් කළේය.
මැති ඇමති ආරක්ෂාවත්, තානාපති අංශ සහ විනිසුරු ආරක්ෂාවත් සම්බන්ධයෙන් ක්‍රියා කරන විශේෂ ආරක්ෂක දිසාවේ තොරතුරු සදහන් කරනු ලබන්නේ 3000කට අඩු පොලිස් නිලධාරීන් පිරිසක් එම කටයුතුවලට යොදවා ඇති බවය.
මෙයට අමතරව ආරක්ෂක තක්සේරු මත මෙම කාණ්ඩයට අයත් නොවන සංස්ථා සභාපතිවරු හෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ආරක්ෂාව සැපයෙන බවත්, ඒ සියල්ල සිදුකරනු ලබන්නේ විශේෂ ආරක්ෂක දිසාවට අනුයුක්ත කර සිටින නිලධාරීන්ගෙන් බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙයට අමතරව මැති ඇමතිවරුන් පදිංචිව සිටින නිවාසවලටත්, තානාපති කාර්යාල සහ තානාපති නිල නිවාසවලටත්, විනිසුරු නිල නිවාසවලටත් ආරක්ෂාව සැපයෙන බවත්, එම ආරක්ෂාව ඒ ඒ ප්‍රදේශවල සාමාන්‍ය පොලිස් ස්ථාන මගින් ලබාදෙන බවත්, ප්‍රභූ ආරක්ෂක අංශයක උසස් නිලධාරියෙක් සදහන් කළේය.
ඒ සදහා යෙදවෙන්නේද 2000කට අඩු නිලධාරීන් පිරිසකි.
ශ්‍රී ලංකා පොලීසියේ අනුමත පොලිස් නිලධාරීන් පිරිස 85,603 දෙනෙකි. එහෙත් සේවයේ නිරතව සිටින්නේ 77,000ක් පමණ වූ නිලධාරීන් පිරිසක් පමණි. ඒ අනුව පෙනී යන්නේ 8000කට වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුමත නිලධාරීන් ගණන 10747 කි. එහෙත් සේවයේ නිරතව සිටින්නේ 9000කට ආසන්න නිලධාරීන් පිරිසකි.