හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා 2015 ජනවාරි මස 28 වැනි දින හදිසියේම ඉවත් කිරීමේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් පිළිතුරු බලාපොරොත්තුව වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබේ.
එසේ ඉවත් කොට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත් කිරීමේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන්ද තෙන්නකෝන් මහතා ප්‍රශ්න කොට තිබේ.
එමෙන්ම අදාළ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන්නේ නම් මොහාන් පීරිස් මහතා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්නත් මෙහිදී තෙන්නකෝන් මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට ඇත.
තෙන්නකෝන් මහතා විසින් අදාළ ප්‍රශ්නාවලිය දැනටමත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට තිබේ.