යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින කොටියකු බේරා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
පසුගිය සති අන්තයේ ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානයේ සිටියදී අසනීපව සිටි දිවියකු දැක ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඒ සම්බන්ධයෙන්ය වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සමගම වනජීවී නිලධාරීන් වහා ක්‍රියාත්මකව එම කොටියාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.
තමන් විසින් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත්, ඒ ගැන බලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ පළකර ඇති සටහනේ දැක්වේ.