වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අනුරාධපුර නගරයේ රැස්වීමක් පවත්වා තිබේ.
මේ සදහා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වී තිබිණ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන ලෙසට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා රැසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබියදී භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් රැස්වීමක් සංවිධාන කොට තිබීමය.












