පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇත.
තමිල්නාඩුවේ එම්. කේ. ස්ටාලින්ගේ සභාපතීත්වයෙන් යුත් DMK (ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්) පක්ෂය සහ එස්. රාම්දෝස්ගේ නායකත්වයෙන් යුත් PMK (පාටලී මක්කල් කච්චි) පක්ෂය මෙසේ විරෝධතාව පළ කොට තිබේ.
වහාම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ජා කළ යුතු බව මොවුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශන්කර් මහතාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.










