ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත “පැණිය” පූජාකිරීමට ගිය කෑගල්ලේ දම්මික බණ්ඩාර කපු මහතාගේ හැසිරීම පිළිබඳව මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ වී තිබේ.
තමන් “කාලි” බව පවසමින් ධම්මික බණ්ඩාර විසින් අටමස්ථානාධිපති නාහිමියන් හට තර්ජනය කරමින් හැසිරුණු ආකාරය අනුව ආයුර්වේදයත්, පාරම්පරික වෙදකමත් විනාශ කිරීමේ උත්සාහයක ඔහු නිරත වන බව උන්වහන්සේලා සදහන් කර සිටියහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඔමල්පේ සෝභිත හිමි සහ දේවාලේහිද අජිත හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ.










