සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නා ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කොට ඇත.
කොරෝනා රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමෙන් පසු දඹුල්ල ආර්ථිකය දින 3කට වසා දැමීමට මුලින් තීන්දු කළ නමුත් පසුව එය සති 2ක් දක්වා දීර්ඝ කිරීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ඒ අනුව හැකි ඉක්මනින් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.