කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සියලුම ආරක්ෂක ප්‍රධානීන් අද (09) දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු සියලුම ආරක්ෂක ප්‍රධානීන් මෙසේ කැඳවා ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීම මෙහි අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.