ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලිසෑය පරිශ්‍රයේදී පැවති අධිශ්ඨාන පූජාවට සහ කප්රුක් පූජාවට ඊයේ (13) පස්වරුවේ සහභාගී විය.
ජනාධිපතිතුමා විහාරාධිපති පල්ලේගම හේමරතන හිමිපාණන් හමුවී ආශීර්වාද ලබා ගත් අතර පසුව රුවන්වැලිසෑය පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති දුටුගැමුණු මහරජ සහ විහාරමහා දේවීයගේ ප්‍රතිමා වලට පුෂ්පෝපහාර දැක්වූයේය.
මෙම අවස්ථාවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධ වී සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම් දී ලබන 17 වැනි දිනට වසරක් සපිරේ.


















