ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග තහවුරු කරයි.
ඒ අනුව නිශ්චිත වශයෙන්ම ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 15 හෝ 16 යන දින දෙකෙන් එකක පෑවැත්වීමට නියමිතය.
ඊයේ (17) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.