රුපියල් මිලියන 135ක වියදමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින ලෙස ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ සකස් කළ නාගරික වන උද්‍යානය පසුගියදා විවෘත කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නාගරික වන උද්‍යානය පිහිටුවා තිබේ.
2020 ජුනි 15 දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරිණ.
ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර ඇත.


















