ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් මහතා හෙට (05) දින හදිසි සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
මීට අමතරව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගද ජයශන්කර් මහතා සාකච්ජා පවත්වනු ඇති බව වාර්තා වේ.









