එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඊයේ (30) සවස පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත.
සිය අත්සනින් යුතුවම එවා ඇති මෙම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතා වෙත ලබා දීය හැකි බලතල සම්බන්ධයෙන් නැවත වතාවක් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත.
එමෙන්ම අලුතින් ලබා දිය හැකි බලතල කරුණු 5ක් යටතේ ඉදිරිපත් කිරීමටත් වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබේ.
මෙම බලතල එදින සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එකගතාවට පැමිණි බලතල ඉක්මවා යාමක් බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ප්‍රේමදාස පාර්ශ්වය පියවර ගෙන තිබිණ.










