• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ලක්ෂ 11ට ‘ටච්’ කරන SJB ටීම් එක (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 13, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ ලක්ෂ 11ට ‘ටච්’ කරන SJB ටීම් එක (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

තිස්ස ජනනායක 2019 ජනාධිපති- වරණයේදී ගෝඨාභයට දිනන්න 50% ගැනීමට අවශ්‍ය වූ ඡන්ද ලක්‍ෂ 11 ගැනීමට අලුත් තරුණ පරම්පරාවට කතා කළ ටියුෂන් ගුරුවරයෙකි. ගෝඨා ඒ ඡන්ද ලක්‍ෂ 11 ගත්තේ මෙවැනි චරිත හරහාය. පසුගියදා ඔහු සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණි.
‘අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මේ රට හැදිය හැකි වේ යැයි සිතා ඔහුට සහයෝගය දැක්වූයෙමි. නමුත් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සඳහා පත්වී තිබුණු අතර, වියත් මඟ තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට වීසි වී තිබුණි.’
ඔහුගේ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ ලැව්ගින්නක් සේ පැතිර යද්දි ඔහු අලුත් සටහනක් මුහුණු පොතේ දමමින් කීවේ ගෝඨාභය ගැන කලකිරීමක් නැති බවය. තමාට ප්‍රශ්නය පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුව බව ඔහු සඳහන් කොට තිබුණි.
ඔහුට පමණක් නොව ගෝඨාභයට ඡන්දය දුන් ඒ ලක්‍ෂ 11ටම මේ ප්‍රශ්නය තිබේ. ඔවුන්ට ඕනෑ ගෝඨාභය එක්ක අලුත්ම අලුත් ඇමැති මණ්ඩලයක් පත්වෙනවා දකින්නටය.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂත්, පොදුජන පෙරමුණ හදද්දී මේ හීනය දැක්කේය. ඔහුත් පොදුජන පෙරමුණට අලුත් ටීම් එකක් ගැන හීන මැව්වේය. ඒත් ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රි එක්ක ගමන යයි කියන බයට ඒ පරණ මුහුණු එක්කම පොදුජන පෙරමුණ පිහිටුවන්න ඔහුට සිදුවිය.
2019 ජනාධිපතිවරණයෙන් පරාජය වුණු සජිත් කණ්ඩායම මේ ඡන්ද ලක්‍ෂ 11කට ඇහැ ගහගෙන සිටියේය. මේ ඡන්ද ලක්‍ෂ 11 පැතුම ඉටු කරන්න රාජපක්‍ෂලාට මහ ඡන්දයට අලුත් මුහුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ඔවුහු දැන සිටියහ. ඔවුන් ඒ ඡන්ද ලක්‍ෂ 11ට ආකර්ෂණීය වෙන්න යූ.ඇන්.පී.ය අලුත් කරන්න මරාගෙන මැරෙන සටනක් කළහ. ඒ සටනින් ඔවුන් පරාජයට පත්විය. සමඟි ජනබලවේගය කරළියට එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
සමඟි ජනබලවේගයේ නායකයා සජිත් ගෝඨාභය සේම අගමැති හෝ ජනාධිපති තනතුරු දරපු අයෙක් නොවේ. පක්‍ෂයක නායකත්වයක් දරපු අයෙක්ද නොවේ. ඔහු පළමුවරට ඇමැති ධුරයක් දැරුවා නම් ඒ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයය. නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය ප්‍රබල අමාත්‍යාංශයක් ලෙස පැවැතියේ ජේ. ආර්. ගේ ආණ්ඩු කාලයේ පමණි. ඒ එම අමාත්‍යාංශය සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස කරන කාලයේය. ප්‍රේමදාස ඝාතනය වූවාට පසු මෙම අමාත්‍යාංශය ආණ්ඩුවක තෙවැනි පෙළ අමාත්‍යාංශයක් බවට පත්විය. 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මේ අමාත්‍යාංශය හිමි වූයේ ඇමැති ධුරයක් නොදී බැරි ඇමැතිවරුන්ටය. මහින්දගේ ආණ්ඩු කාලයේ ගෙවල් හදන්න මුදල් අමාත්‍යාංශය සල්ලි දෙන්නේ නැහැ කියා නිවාස ඇමැති විමල් අඩව් ඇල්ලුවේය.
2015 සජිත්ට හිමි වූයේ මේ තෙවැනි පෙළ ඇමැති ධුරයය. හැබැයි මේ අමාත්‍යාංශයේ ප්‍රබලතම ආයතනය වන නාගරික සංවර්ධන අධිකාරිය සජිත්ට හිමි වූයේ නැත. උතුරු – නැඟෙනහිර සහ වතුකරයේ නිවාස විෂයද ඔහුගෙන් ඉවත් කෙරුණි. ප්‍රේමදාස නිවාස ඇමැතිකම කළේ මේ ඔක්කොම එක්කය. ඇමැතිකමේ කෑලි ගලවලා දුන්නත් ඔහු නිවාස ව්‍යාපෘති දහස් ගණනින් රට පුරාම විවෘත කළේය. වසරකට හිමි වූ සංස්කෘතික ඇමැති ධුරයෙන් පන්සල් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය කළ අතර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් ඔහුව ශාසන දීපන අභිමානී ජනරංජන ගෞරව නාමයෙන් පුදනු ලැබීය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ කතෝලික පල්ලි දින කිහිපයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් කාදිනල් හිමි ඔහුව ප්‍රසිද්ධියේ අගය කළේය. ඔහුගේ පියා 1988 ජනාධිපතිවරණය දින්නේ අගමැති ධුරයේ සිටිමින්ය. ඒත් සජිත් ජනාධිපතිවරණයට තරග කළේ තටු කපපු, අඬු කඩපු ඇමැති ධුරයකින්ය. මේ නිසා ඔහුට ඒ ලක්‍ෂ 11 ඉදිරියේ නව නායකයකු ලෙස පෙනී සිටීමට හැකියාව තිබේ. පරීක්‍ෂාවට ලක් නොවූ නායකයකු ලෙස පෙනී සිටීමට හැකියාව තිබේ.
ඔහුගේ සමඟි ජනබලවේගයේ කොටස්කාර පක්‍ෂයක නායකයකු වන චම්පික රණවකටද මේ ලක්‍ෂ 11ට කතා කිරීමට පුළුවන් පෞරුෂයක් තිබේ. ඔහු යූ.ඇන්.පී.යට අහිමි වුණු සිංහල බෞද්ධ ඡන්ද රැල්ලේ පහසුවෙන් පිහිනා යන්න පුළුවන් අයෙකි. 1994 දකුණු පළාත් සභා ඡන්දය දිනවා චන්ද්‍රිකාට බලයට එන්න පාර කපපු ජනතා මිතුරෝ සංවිධානයේ නිර්මාතෘ ඔහුය. චන්ද්‍රිකාගේ පැකේජයට එරෙහිව ශ්‍රීල.නි.ප. සිංහල බෞද්ධ ඡන්ද පදනම උසිගන්වා 2005 ජනාධිපතිවරණයට මහින්දව කරළියට ගෙන ආවේත් ඔහුගේ හෙළ උරුමයය. 2015 මෛත්‍රිව ජනාධිපති අපේක්‍ෂකයා කරන්න ආණ්ඩුවෙන් එළියට ආ ප්‍රථමයාත් ඔහුය. පසුගියදා මහින්ද විවෘත කළ තාක්‍ෂණික විiාලයත් ඔහුගේ ව්‍යාපෘතියකි. කොළඹ ගුවනේ ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති බොහොමයක නිර්මාතෘ ඔහුය. කොළඹට ගංවතුර ගැලීම වළක්වන කානු ව්‍යාපෘතිය ගැන සුද්දාගේ කාලයේ සිට කතා කළත් සල්ලි සොයාගෙන ඒ ව්‍යාපෘතිය කළේ චම්පිකය. මේ නිසාම උගත් මධ්‍යම පන්තිය ආකර්ෂණය කළ හැකි වැඩකාරයෙක් ලෙස ඔහුට ඒ ලක්‍ෂ 11ට රිංගා ගැනීමේ හැකියාව තිබේ.
සජිත්ගේ සමඟි ජනබලවේගයේ තරුණ නායකයා ගාමිණී දිසානායකගේ බාල පුත් මයන්ත දිසානායකය. මයන්තත් තවම ඇමැතිවරයෙක් ලෙස පරීක්‍ෂාවට ලක් නොවූ හිටපු මන්ත්‍රිවරයෙකි. ගාමිණීවාදීන් ඔහුව දකින්නේ ගාමිණිගේ ඔටුන්න හිමි කුමාරයා ලෙසය. ගාමිණිගේ මහවැලි විප්ලවය අලුත් පරම්පරාව නොදන්නවා නොවේ. සජිත්ගේ පියා සහ මයන්තගේ පියා අතර වූ දේශපාලන පසමිතුරුකම අමතක කොට අලුත් ගමනක් යන්න ප්‍රේමදාසලා දිසානායකලාගේ අලුත් පරපුර එකට එක්වීම මහින්දගේ මල්ලිට ඔටුනු පලඳවන්න තීරණය කළ ලක්‍ෂ 11 අලුත් පරපුරට විකුණන්න පුළුවන් කතාවකි.
කාගෙත් ඇහැ නොගැසුණු සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේ සැඟවුණු අමුත්තා නීතිඥ සුරේන් ප්‍රනාන්දුය. සුරේන්ගේ පියා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දුය. සුරේන්ගේ සීයා හිටපු අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දුය. හිටපු අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දුගේ පියාද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ප්‍රනාන්දු පවුල කීර්තිමත් විනිසුරු පවුලකි. ජේ. ආර්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මාක් ප්‍රනාන්දු ළඟ තියාගෙනය. ඒ ව්‍යවස්ථාවේ වගන්ති බොහොමයක් ඔහුගේය. ඔහු අගවිනිසුරු ධුරයට සුදුසුකම් ලබා සිටියදී චන්ද්‍රිකා සරත් සිල්වාව අගවිනිසුරු ධුරයට පත් කළේය. සරත් සිල්වා ඔහුව නඩුවලින් ඉවත් කළ අතර ඔහුව ප්‍රකට නඩුවල විනිසුරුවරයකු කරන්න යැයි රට පුරා පෙත්සම් ව්‍යාපාරයක් දියත් විය. පසුව කලකිරීමෙන් විශ්‍රාම යෑමට වසර දෙකක් තිබියදී ඔහු ඉල්ලා අස් විය. 2018 මෛත්‍රිපාල මහින්දව අගමැති කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී එයට එරෙහිව එජාපය ඇතුළු විපක්‍ෂය ගොනු කළ නඩු වෙනුවෙන් පෙනී සිටියේ සුරේන් ප්‍රනාන්දුය. චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ඔහුගේ පියා විධායක ජනාධිපති චන්ද්‍රිකා පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහිව උසාවියට ආ නඩුව අසා චන්ද්‍රිකාගේ තීන්දුව බලරහිත කළේය. පුතා මෛත්‍රිපාලගේ කුමන්ත්‍රණ තීන්දුව උසාවියේදී පරාජයට පත්කළේය. ඔහු ලක්‍ෂ 11 හොයන වියත් චරිතයක් බවට පත්කළ හැකිය.
මේ චරිත පමණක් නොවේ. සමඟි ජනබලවේගයේ මේ ලක්‍ෂ 11 දිනා ගන්න පුළුවන් චරිත ඕනෑ තරම් සිටී. පසුගියදා සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක වැඩමුළුවට ආ දයාන් ජයතිලකද එවැනි චරිතයකි. දයාන් ප්‍රේමදාසවාදියෙකි. රනිල් පක්‍ෂ නායකත්වයට පත්වී ප්‍රේමදාසවාදීන් ඉවත් කළ නිසා ඔහු මහින්දට එක්විය. මහින්ද 2009 ලංකාව ඇතුළේ යුද්ධය දින්නත්, එල්.ටී.ටී.ඊ.යට එරෙහි ජාත්‍යන්තර යුද්ධය පරාජය විය. ජාත්‍යන්තරය දිනන්න බැරි මහින්දට එල්.ටී.ටී.ඊ.යට එරෙහි ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිකර දුන්නේ දයාන්ය. ඒ ජිනීවාහි තානාපති ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවේ යුද ජයග්‍රහණයට පක්‍ෂව යෝජනාවක් සම්මත කිරීමෙනි. දයාන් රටවල් 29ක් එකතු කොට ඒ යෝජනාව සම්මත කර ගත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීමෙනි. එහිදී දයාන් ඉන්දියාව සහ චීනය එකතු කොට බටහිර රටවලට එරෙහිව ලංකාව වෙනුවෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දුන්නේය. වැඩිකලක් ගියේ නැත. රාජපක්‍ෂලා දයාන්ව ඉවත් කළේය. එතැන් සිට ලංකාව කවදාවත් මානව හිමිකම් කොමිසමේ යෝජනා දින්නේ නැත. හැබැයි 2015 පරාජයට පසු මහින්දව නැඟිටුවන්න නුගේගොඩට ආ මහින්දගේ ඡන්ද ලක්‍ෂ 58 ජන ගඟේ මතවාදය හැදුවේ දයාන්ය. එදා මහින්ද තමාගේ ප්‍රකාශය ඒ ලක්‍ෂ 58 නියෝජනය කළ ජන ගංගාවට කියවන්න තෝරා ගත්තේ දයාන්වය. දැන් සජිත්ව නැඟිටුවන්න දයාන් සමඟි ජනබලවේගයට එක්වීම දෛවෝපගතය. සුරේන් ප්‍රනාන්දු අති දක්‍ෂ නීතිවේදියෙක් නම් දයාන් එවැනිම දක්‍ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
‘මේ චරිත කළමනාකරණය කොට ගෝඨාගේ ලක්‍ෂ 11 දිනාගන්න සජිත්ට පුළුවන්ද?
හැමෝම බලා ඉන්නේ ඒ දිහාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හිත හොඳ දොස්තර ලෙඩ කරපු වාස්තු

Next Post

සෙලාන් බැංකුවෙන් දැඩි සත්කාර ඒකකයක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.