මේ රටට ජේ.ආර්. ජයවර්ධන පන්නයේ හෝ මෛත්‍රීපාල සිරිසේන පන්නයේ ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ 20 වන ව්‍යවස්ථා කෙටුම්පතේ අඩුපාඩු රැසක් පවතින බැවින් එය සංශෝධනයට ලක් කිරීමට ජනාධිපතිවරයාද එකගතාව පළ කළ බවකි.
එය සංශෝධන ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.