Savorite Pharmaceuticals (Pvt) Ltd වෙතින් මිලදී ගන්නා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බව පවසමින් ඉන්දීය ණය සහනය (ICL) යටතේ පුද්ගලික ඉන්දියානු සැපයුම්කරුවෙකුගෙන් ඖෂධ ආනයනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇත.
Savorite Pharmaceuticals (Pvt) Ltd සහ කෞසික් තෙරපියුටික්ස් (පී) ලිමිටඩ් (කේටීඑල්) යන පුද්ගලික ඉන්දීය සමාගම් දෙකෙන් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවරට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් අධිකරණය මෙම තහනම පනවා ඇත.
විනිසුරු මුර්දු එන්.බී. ප්‍රනාන්දු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර එහි සිටි අනෙක් විනිසුරුවරුන් වන්නේ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ ජනාධිපති නීතිඥ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ය.
ඔවුන් පෙන්වා දුන්නේ ප්‍රසම්පාදන ගනුදෙනුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න ඇති බවය.
අධිකරණය අතුරු සහන දෙකක් ලබා දුන් අතර ඉන් එකකින් කියවුණේ වැඩිදුර නියෝගයක් ලබා නොගෙන Savorite වෙතින් අනාගත ඖෂධ ආනයනය කිරීම අත්හිටුවන යුතු බවය. අනෙක් තහනම වූයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂණ අවශ්‍යතා සපුරා ඇති බවට සහ ප්‍රසම්පාදනය නීත්‍යානුකූල බව අධිකරණයෙන් සනාථ කිරීම මත ඖෂධ ආනයනය කළ යුතු බවය.